Tuesday, September 15, 2026
HomeNEWSශ්‍රී ලංකාවට කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP) ඇතුළු වීමට මැලේසියානු සහාය…

ශ්‍රී ලංකාවට කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP) ඇතුළු වීමට මැලේසියානු සහාය…


ශ්‍රී ලංකාවට කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP) ඇතුළු වීමට මැලේසියානු සහාය…
කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවේ ඉල්ලීමට මැලේසියාව සහාය වනු ඇති බව මැලේසියානු විදේශ කටයුතු අමාත්‍ය Dato Seri Diraja Dr Zambry Abd Kadir මහතා පවසයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මැලේසියානු විදේශ කටයුතු අමාත්‍ය Dato Seri Diraja Dr Zambry Abd Kadir මහතා අතර හමුවක් අද (2023.10.09) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණී.
RCEP වෙත ශ්‍රී ලංකාව ඇතුළුවීමෙන් මෙරට පුළුල් අග්නිදිග ආසියානු කලාපය තුළ සිය ආර්ථික සම්බන්ධතාව ශක්තිමත් කරගතහැකි බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර මැලේසියානු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික වෙමින්, “ශ්‍රී ලංකාව අපේ කලාපයට අයත්” බව ප්‍රකාශ කළේය. මෙම ආර්ථික ඉදිරි දර්ශනයේ ප්‍රගතිය සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවට ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා, ඉන්දු-පැසිෆික් කලාපය සඳහා අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය ( ASEAN) හි අනාගත දැක්ම සමඟ පෙළගස්වන බව මෙහිදී තහවුරු කළේය.
වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ඉන්දියානු සාගර කලාපීය රටවල සංගමය (IORA) වැනි කලාපීය කණ්ඩායම්වල සහයෝගීතාව කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. වර්ධනය වන සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය සහ ඖෂධ කර්මාන්තය තුළ ශ්‍රී ලංකාවේ නව ආයෝජන ක්ෂේත්‍රවලට පිවිසෙන ලෙස අග්‍රාමාත්‍යවරයා මැලේසියානු ව්‍යවසායකයින්ට ආරාධනා කළේය. මැලේසියාව මෑත වසරවල ශ්‍රී ලංකාවේ ඉහළම 6 වැනි ආයෝජන හවුල්කරුවා විය.
පසුගිය වසරේ ආර්ථික අර්බුදයේදී ලබාදුන් සහයෝගය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා මැලේසියානු රජයට ස්තුතිය පුද කළේය. ශ්‍රී ලංකාව සමඟ පවතින ඉහළ මට්ටමේ සම්බන්ධතා, ඓතිහාසික සම්බන්ධතා, මානව සම්බන්ධතා අතර භූගෝලීය සමීපත්වය සහ ගැඹුරු මිත්‍රත්වය පිළිබඳව සඳහන් කරමින් අමාත්‍ය සැම්බ්‍රි ඇබ්ඩ් කඩීර් (Zambry Abd Kadir) මහතා, ආර්ථික සහ වෙළෙඳ සහයෝගීතාව ඉහළ නැංවීමට තම රජය අපේක්ෂා කරන බව පැවසීය.
මැලේසියානු දූත පිරිසට සහකාර මහලේකම්වරුන් වන Dato Syed Mohamed Bakri Syed Abdul Rahman සහ Ahmed Kamrizamil Reza, මහ කොමසාරිස් Badli Hisham Adam ඇතුළත් වූ අතර රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන අය මෙම අවස්ථාවට එක්විය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම 18 වෙනිදා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කරයි

අධිකරණයට අපහාස කළ බවට කොටුව මහේස්ත්‍රාත්වරයා කර ඇති නිගමනය අභියෝගයට ලක් කරමින් පා. ම දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා...

22ට එරෙහිව සජබ 24 කොළඹට – විපක්ෂ නායක සජිත්

22ට එරෙහිව සජබ 24 කොළඹට - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරන්න සැප්තැම්බර්...

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img