කළුතර බන්ධනාගාර රැඳවියන්ගේ විරෝධය නතර කරයි
කළුතර බන්ධනාගාර රැඳවියන් පිරිසක් ආරම්භ කර තිබූ විරෝධතාවය මේ වනවිට නතර කර තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ බන්ධනාගාර
නිලධාරීන් සිදුකළ කරුණු පැහැදිළි කිරීමකින් අනතුරුව රැඳවියන් විරෝධතාවය නතර කිරීමට
පියවර ගෙන ඇති බවය.
තමන්ට කඩිනමින් ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් කළුතර බන්ධනාගාරයේ රැඳවියන් 20 දෙනෙකු
පමණ ඊයේ (13) දහවල් බන්ධනාගාර වහළක් මතට නැගී විරෝධතාවයක නිරත විය.
මේ අතර මේ වනවිට බන්ධනාගාර රැඳවියන් 176 දෙනෙකු කොවිඩ් – 19 ආසාදිතයින් ලෙස
හඳුනාගෙන තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ බන්ධනාගාර
නිලධාරීන් සිවු දෙනෙකු ද කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවය.






















