Friday, April 17, 2026
HomeNEWSLatest Newsකොළඹ අවදානම් - GMOA අනතුරු අඟවයි

කොළඹ අවදානම් – GMOA අනතුරු අඟවයි

කොළඹ අවදානම් – GMOA අනතුරු අඟවයි

කොවිඩ්-19 හේතුවෙන් කොළඹ නගරය දැඩි අවදානම් තත්ත්වයකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ ඉකුත් දින 5 ඇතුළත කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් රෝගීන් 1083ක් වාර්තාවීමත් සමග මෙම අවදානම් තත්ත්වය මතුව ඇති බවය.

එහිදී, “කොවිඩ් රොගීන් වාර්තාවන ආකාරය අනුව කොළඹ සම්බන්ධයෙන් ඉතා පැහැදිළි පණිවුඩයක් කියවෙනවා. එදා ගම්පහ තිබිච්ච ඒ තර්ජනය සහ අවදානම අද කොළඹට යම් මට්ටමකින් ඇවිත් තියෙනවා. විශේෂයෙන් කොළඹ නගර සභා සීමාව තුළ පසුගිය දින කිහිපය තුළ දෛනිකව රෝගීන් 200කට වැඩි ගණනක් වාර්තාවෙන ස්වභාවයක් අපි දැක්කා. විශේෂයෙන් අලුත් අවදානම් ස්ථාන පිළිබඳ අපේ අවධානය යොමු වෙමින් තියෙනවා. ඉදිකිරීම් ස්ථාන පිළිබඳ විශේෂ අවදානමක් මතුවෙලා තියෙනවා. මේක බැරෑරුම්ව සැළකිය යුතු තත්ත්වයක්.” යනුවෙන් ද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img