බස්නාහිර පළාත තුළ ආසාදිතයින් 10,000 ඉක්මවයි
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් ගණන බස්නාහිර පළාත තුළ අද වන විට 10,045ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර ඊයේ (12) දිනයේ දී වාර්තා වු ආසාදිතයින් 373 දෙනා අතරින් 271ක් දෙනෙක් කොළඹින් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එයින් ආසාදිතයින් 230ක් කොළඹ නගර සීමාවෙන් වාර්තා වී ඇතැයි ද පැවසු යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර අද (13) උදෑසන කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඔක්තෝබර් මස 4 වන දින සිට මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 4,640ක් වාර්තා වී ඇති බවය.
ඊයේ වාර්තා වු ආසාදිතයින් අතරින් 46 දෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ ද පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා හමු වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 4834ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිතයින් ගණන 571කි.






















