නැදුන්ගමුවේ රාජාගේ භාරකරු වන වෛද්යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා සහ ඇත් ගොව්වා වන විල්සන් කොඩිතුවක්කු මහතාට උපහාර පිදීමේ උත්සවයක් අද බත්තරමුල්ල දැව සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණි.
එහිදී විල්සන් කොඩිතුවක්කු මහතාට රුපියල් ලක්ෂයක ස්ථාවර තැන්පතුවක් අමාත්‍ය සී. බී. රත්නායක මහතා අතින් ලබාදීම සිදුකෙරිණි.






















