Thursday, April 23, 2026
HomeNEWSකැලණිවැලි දුම්රිය මාර්ගය රත්නපුර දක්වා ඉදිකරන බව ඇමැති බිමල් කියයි.

කැලණිවැලි දුම්රිය මාර්ගය රත්නපුර දක්වා ඉදිකරන බව ඇමැති බිමල් කියයි.

.ජනතාවට උසස් ජීවන තත්ත්වයක් හා දරුවන්ට ඉලක්කගත අනාගතයක් ලබාදීම වෙනුවෙන් රජය කැපවෙනවා.*ඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃ*රජයේ ප්‍රතිපත්තිය පුරවැසියාගේ සුරක්‍ෂිතතාවය ඇති කරමින් සංවර්ධනය ඉදිරියට ගෙන යාමයි.* ඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃඃ*- අමාත්‍ය බිමල් රත්නායක*————————–‘කැළණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රවේශ අයිතිය තුළ පදිංචි අනවසර පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන’ යටතේ නාවින්නේ සිට පාදුක්ක දක්වා දුම්රිය රක්‍ෂිතයේ අනවසරයෙන් පදිංචිව සිටි පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් ඉදිකරන ලද කොට්ටාව, මාලපල්ල, ‘පර්ල් සිටි රෙසිඩන්සීස්’ නිවාස සංකීර්ණය නිල වශයෙන් ජනතා අයිතියට පත්කිරීම සහ නිවාසවලට අදාල හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීම 2025.06.06 වන දින සිදුකෙරිණ.ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේ දී ඉඩම් සහ නිවාස අහිමි වූ පවුල් ඒකක 116 ක් සඳහා හිමිකම් පත්‍ර ලබාදීම සිදුකෙරිණ.ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් ඉදිකරන ලද මෙම නිවාස සංකීර්ණය මහල් 12 කින්, නිවාස ඒකක 120 කින් සමන්විත අතර, ව්‍යාපෘතියේ ඉදිකිරීම් පිරිවැය රුපියල් මිලියන 2,175 කි. මෙහිදී පැමිණ සිටි පිරිස ඇමතූ අමාත්‍ය බිමල් රත්නායක මහතා : “නාගරික හා ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනයට රජය ප්‍රමුඛතාවය ලබාදී තිබෙනවා. පොදු මගී ප්‍රවාහන සේවාව කාර්යක්‍ෂම කිරීමට අදාල රජයේ වැඩපිළිවෙල ක්‍රමානුකූලව සිදු කෙරෙමින් පවතිනවා. දීර්ඝ කාලයක් පිළිවෙලක් නැතුව ගමන් කළ අපේ රටේ ප්‍රවාහන ක්‍ෂේත්‍රය නිසි මාර්ගයට ගැනීමට සියලු දෙනාගේ කැපවීම අවශ්‍යයි. සංවර්ධනයේ දී කිසිදු බේදයක් නැතිව සමානාත්මතාවයෙන් කටයුතු කරන පුරවැසි රජයක් අද තියෙන්නේ. කැළණිවැලි දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කර ජනතාවට කාර්යක්‍ෂම හා ආරක්‍ෂිත දුම්රිය ගමනා ගමනයක් ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරනවා. මෙම දුම්රිය මාර්ගය රත්නපුරය දක්වා දීර්ඝ කිරීමට අයවැය මගින් ප්‍රතිපාදන වෙන්කර දී තිබෙනවා. රටේ සංවර්ධනයට ණය ගන්නවා. ණය භාණ්ඩවලටත් එකතු වෙනවා. ජනතාව ඒ ණය ගෙවන්න ඕනි. ඒනිසා ගන්න සියලු ණය දූෂණයෙන් තොරව තිරසර සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතුයි. සංවර්ධනයේ අවසන් ප්‍රතිඵලය ජනතාවට හොඳ ජීවිතයක් දෙන අතර ම දරුවන්ට හොඳ අනාගතයක් දායාද කරන එක.”මෙම නිවාස සංකීර්ණයේ සිට මාලපල්ල දුම්රිය ස්ථානය දක්වා දිවෙන මාර්ගයේ සංවර්ධන කටයුතු හෙට දිනයේදී ම ආරම්භ කරන මෙන් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය. මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර, මහරගම නගර සභාවේ සභාපති සමන් සමරකෝන්, ජාතික සමාජ සංවර්ධන ආයතනයේ සභාපතිනි මහාචාර්ය වසන්තා සුබසිංහ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාථ, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති අසංක අබේවර්ධන, දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර, මාගා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ එම්.ජී. කුලරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු රැසක් ද ප්‍රතිලාභී ජනතාව සහ ප්‍රදේශවාසීහු රැසක් ද එක්ව සිටිය හ. – මාධ්‍ය අංශය ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

20/20 ක්‍රිකට් නායක දසුන් ශානකට තහනමක්

IPL තරගාවලියට එක්ව සිටින ශ්‍රි ලංකා 20/20 ක්‍රිකට් නායක දසුන් ශානක, ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇති බව පවසමින් වසරක් PSL තරගාවලිය තහනම් කිරීමට පාකිස්තාන...

හෝමුස් හි බලය යළි ඉරානයට

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා, ආරක්ෂක සහ පාරිසරික ආරක්ෂණ ගාස්තු ගෙවිය යුතු බව ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කරයි. මේ අතර යුද්ධය...

කරන්දෙණියේ රාජු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන 'කරන්දෙණියේ රාජු' නමැත්තාගෙන් පැය 72ක කාලයක් රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර...

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img