සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ (06) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වුයේ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන මහතාය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,‘‘2024 දී ලංකාවේ අස්වැසුම ලාභීන් ලක්ෂ 17. 2025 වන විට ලංකාවේ අස්වැසුම ලාභාන් ලක්ෂ 24 දක්වා වැඩිවී තිබෙනවා. ඒ වගේම ලංකාවේ මුළු පවුල් සංඛ්‍යාව ලක්ෂ පනස් හතයි. මේ පවුල් වලින් සියයට තිහක් අද වන විට දුප්පත් භාවයට පත්වී තිබෙනවා. ඒ වගේම අපේ රටේ ග්‍රාම නිලධාරී වසම් දාහතර දහසක් තිබෙනවා. ඒවගේම ගමක දුගී දුප්පත් භාවයට පත්වුණ පවුල් සිටියේ ඉතාමත් අඩුවෙන්. අද වන විට එම පවුල් සංඛ්‍යාව වැඩිවී තිබෙනවා. ඒ වගේම රටේ පාසල් ළමුන් ලක්ෂ 42ක් සිටිනවා. මෙම පාසල් දරුවන්ගෙන් ලක්ෂ දාහතරක් මන්ද පෝෂණයෙන් පෙලෙනවා. ඒ වගේම රටේ ජනගහනයෙන් සියයට තිස්තුනක් ආහාර වේල් ගණන අඩු කර තිබෙනවා. ඒ වගේම ජනගහනයෙන් සියයට හතළිස් හතක් තමයි වේල් තුනම ආහාරයට ගන්නේ. ඒ වගේම තම දරුවන්ට ආහාර ලබාදී තමන්ගේ ආහාර වේල කැප කරන පිරිස සියයට 27 වනවා. ඒ වගේම පාසල් දරුවන්ගෙන් සියයට විසි එකක් අඩු බර දරුවන්. ඒ වගේම උදෑසන ආහාරය නොගෙන පාසල් යන දරුවන් ප්‍රමාණය සියයට පහක්. මේ දත්ත දෙස බැලූවිට පෙනී යන්නේ රටේ දුගී දුප්පත් භාවය දිනෙන් දින වැඩිවී ඇතිි බවයි. ඒ වගේම රටේ දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් සෑම වේලාවකම හඬ නැගුවේ සමගි ජන බලවේගයයි. කෙසේ නමුත් දුගී දුප්පත් ජනතාව පිළිබඳ වර්තමාන රජය දක්වන්නේ අඩු සැලකිල්ලක්. ඒ වගේම වත්මන් ආණ්ඩුව යටතේ ලැබෙන විදේශ ආයෝජන ප්‍රමාණය වැඩි වී තිබෙනවා. පසුගිය ආණ්ඩු සමයේදී විදෙස් ආයෝජකයෝ රට හැරගොස් තිබුණා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීමට පසුගිය රජයට සිදුවුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීමත් සමග රටේ ජනතාවට කැප කිරීම් සිදු කරන්නවුනා. මේ වන විටත් ජාත්‍යන්තර මූල්‍යය අරමුදල සමග වර්තමාන රජය කටයුතුකරනවා. ඒ අනුව මේ රජය යටතේත් රටේ ජනතාවට කැපකිරීම් සිදු කරන්න සිදුවෙලා තිබෙනවා. ඒ වගේම රටේ ජනතාව සතුව මුදල් තිබෙනවා. රටට මුදල් ගලාගෙන එන ක්‍රම තිබෙනවා. ඒ වගේම විදේශ සංචිත ප්‍රමාණය වැඩි වීතිබෙනවා. ඒ වගේම රටේ දූෂණ වංචා සිදුවන්නෙත් නැහැ. මෙවැනි තත්ත්වයක් තුළ රජයට මුදල් තිබෙනවා. ඒ වගේම මේ වසරේදී රජයට අපේක්ෂිත බදු ආදායම ඉක්මවා යාමට හැකියාව තිබෙනවා. කෙසේ නමුත් රජයට මේ ලැබෙන මුදල්වලින් රටේ දුගී දුප්පත් ජනතාවට සහනයක් සලසන බවක් පෙනෙන්නටට නැහැ. රටේ දුගී දුප්පත් ජනතාව තව තවත් අසරණභාවයට පත්වීමක් පමණයි සිදුවී තිබෙන්නේ. ඒවගේම 2029 ජනාධිපතිි මැතිවරණය පැමිණෙන තෙක් නොසිට රටේ දුගී දුප්පත් ජනතාවට සහන ලබාදීමටමට රජය වහාම කටයුතු කළ යුතුයි. ඒ වගේම රටේ වැඩිහිටි ප්‍රජාවට අවශ්‍ය ඖෂධ ඔවුන්ට මිලදී ගැනීමට අද නොහැකි වී තිබෙනවා. ඔවුන් මිලදීගන්නා ඖෂධවල මිල ගණන් අද සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා මෙවැනි සහන ලබාදීමට රජය දැන් කටයුතු කළ යුතුයි. ඒ වගේම මේ සඳහා සාර්ථක වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට ආණ්ඩුවේ මැති ඇමතිවරු විශාල ප්‍රමාණයක් සිටිනවා. ඒ අනුව එම මැති ඇමතිවරුන්ට වැඩ බෙදා දී රටේ ජනතාවට සහන සැලසීමට ආණ්ඩුව දැන් කටයුතු කළ යුතුයි. ඒ වගේම වර්තමාන රජය ප්‍රකාශ කළ පරිදි නිෂ්පාදන ආර්ථිකයකට ගමන් කිරීමට තිබෙන හොඳම කාලය මෙයයි. ගම්වල තිබෙන ගෙවතු වගා සංවර්ධනය කිරීම , සමූහ ගොවිපොළවල් සංවර්ධනය කිරීම මේ ආකාරයට සාර්ථක නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලියක් ඇති කර ඇති කර ජනතාවට සහන ලබාදීම රජයේ ආරම්භ කළ යුතුයි. ඒ වගේම රටේ ජනතාව තවත් දුක් විඳින තත්ත්වයකට පත් නොවිය යුතුයි. ඒ වගේම පසුගිය රජයට වඩා වර්තමාන රජයට ජනතාවට සහන සැලසීමට අවස්ථා ගණනාවක් මේ වන විට සකස් වී තිබෙනවා. ඒ වගේම පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගතකොට ජනතාවට විශේෂ සහන ලබාදීමට රජයේ ක්‍රියාත්මක විය යුතු කාලය එළැඹ තිබෙනවා. රජයේ සෑම විටම රටේ දුගී දුප්පත් ජනතාව පිළිබඳව සිතා බැලිය යුතුයි. ඒ වගේම ආණ්ඩුවට වමට සිග්නල් දාලා දකුණට හැරීමට අවස්ථාවක් නැහැ. ආණ්ඩුව දරුණු ධනවාදයකට ගමන් නොකර ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීමට සහාය දුන් රටේ ජනතාව අපහසුතාවයට පත් නොකර ඔවුන්ට සහන ලබා දීමට වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතුයි. ඒ වගේම ජනතාවට බදු සහන ලබාදිය යුතුයි , රැකී රක්ෂා ඇති කළ යුතුයි , පහසු මිලට ඖෂධ ලබා දීමට කටයුතු කළයුතුයි.ඒ වගේම හතර දෙනකුගෙන් යුත් පවුලකට මාසයක් ජීවත්වීමට එක් ලක්ෂ විසි දහසක් පමණ අවශ්‍ය වෙනවා. ඒ වගේම මාසයකට රුපියල් එක් එක් ලක්ෂ විසි දහසක් උපයන පවුල් තිබෙන්නේ ඉතාමත් අඩුවෙන්. මාසයකට රුපියල් පනස්දහසක් , රුපියල් හැටදහසක් උපයන පවුල් ප්‍රමාණය අධිකයි. ඒ නිසා වර්තමානයේ තිබෙන ආර්ථික තත්ත්වය පවුල් ගණනාවකට අපහසුයි. ඒ නිසා මෙම පවුල්වලට සහන ලබාදීමට රජය හැකි ඉක්මනින් වැඩපිළිවෙළක් සකස් කල යුතුයි. ඒ වගේම රජය පොරොන්දු වූ පරිදි රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමටත් කටයුතු කළ යුතුයි. ඒ වගේම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රටේ දුගී දුප්පත් ජනතාව ගැන නිරන්තරයෙන් සොයා බලා කටයුතු කළ නායකයෙක්. ඒ වගේම රටේ දුගී දුප්පත් ජනතාව නගා සිටුවීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීමටත් ඔහු එකතු කළා. නමුත් වර්තමාන ආණ්ඩුව රටේ දුගී දුප්පත් ජනතාව පිළිබඳව සැලකිල්ලක් දක්වන බවක් තවම පෙනෙන්නට නැහැ. ඒ වගේම එහෙම සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා කාන්තාවන්ට සනීපාරක්ෂක තුවාල ලබාදීම සම්බන්ධයෙන් කතා කළා. ඒ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට බොහෝ දෙනෙක් විවිධ කතා කිව්වා. ඒ කාරණය සමච්චලයට ලක් කරන්න බොහෝ දෙනෙක් උත්සාහ ගත්තා. නමුත් අද කාන්තාවන්ට සනීප ආරක්ෂක තුවාල ලබාදීමට සිදුවී තිබෙනවා. ඒ වගේම කොවිඩ් වසංගතය ආරම්භ වුණ මුල් වකවානුවේදී කොවිඩ් එන්නත් ජනතාවට ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එවක පැවැති රජයට ප්‍රකාශ කළා. නමුත් සමච්චලයට භාජනය කිරීම හේතුවෙන් අවසානයේදී රටේ විශාල පිරිසක් කොවිඩ් වසංගතය හේතුවෙන් මරණයට පත්වුණා. සජිත් ප්‍රේමදාස මහතාගේ ධූරදර්ශී ක්‍රියාවන් අද සමාජය විහිළුවට ලක් කර තිබෙනවා. ඔහු ඉදිරිපත් කරන කරුණුවල ගැඹුර හරියාකාරව තේරුම් නොගෙන තමයි ඇතැම් පිරිස් ඔහුට විවිධ මඩ ප්‍රහාර එල්ල කරන්නේ. ඒ වගේම රට බංකොලොත් උන අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍යය අරමුදල සමග ගණුදෙනු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. ඒ වගේම සුළු හා මධ්‍ය ප්‍රමාණයේ මාන්ත කරුවන් මුහුණ දුන් පරාටයේ නීතිය සංශෝධනය කිරීම පිළිබඳව විපක්ෂ නායකතුමා දිගින් දිගටම කතා කළා කළා කෙසේ නමුත් කරුණු සමාජගත කිරීමේදී ඔහු සාමච්චලයට ලක් කිරීම පමණයි අවසානයේදී සිදුවුණේ. එසේ නමුත් වර්තමානයේ දී ඔහු ප්‍රකාශ කළ සියලු එක ඉටු කිරීමට පැවති රජයන්ට සිදුවී තිබෙනවා. ඒ වගේම යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට පැමිණියා. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමටත් යුරෝපා සංගමයේ නිලධාරීන් කටයුතු කර තිබුණා. එහිදී gsp + පිළිබඳව සාකච්ඡා කළා. අපේ රටේ ඇඟලුම් කර්මාන්තයට යුරෝපයේ වෙළඳපොලක් ඇතිකර ගැනීමට සාකච්ඡා කළා. මෙම සහනය අපේ රටට නැවත ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා පැවැත්වුණා. මේ සඳහා රජයත් විවිධ උත්සාහයන් දරනවා. ඒ වගේම රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව සහ රටේ දුගී දුප්පත් ජනතාව පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යුරෝපා සංගමයට කරුණු පැහැදිලි කරනු ලැබුවා. ඒ වගේම ඇගලුම් කර්මාන්ත ශාලා සේවක සේවිකාවන් පිළිබඳව සහ ඔවුන් ලබන වැටුප් පිළිබඳවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යුරෝපා සංගමයෙන් නිලධාරීන් සමඟ සාකච්ඡා කළා. ඒ වගේම ඔවුන්ගේ රැකියා අහිමිවීම තුළ ඔවුන්ගේ පවුල් වලට සිදුවන අගතිය පිළිබඳවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම නිලධාරීන්ට කරුණු පෙන්වා දුන්නා. මේ සහනය නොලැබුණහොත් ලංකාවේ සිටින ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කරන කාන්තාවන්ට රැකියාවක් අහිමිවන බව එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. ඒ වගේම ඇඟලුම් කර්මාන්ත ශාලා රටින් පිටවුනහොත් නැවත ඒවා ලබා ගැනීම අසීරු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා. අපේ රටේ මිනිසුන් ආරක්ෂා කර ගැනීමට නම් අපේ රටේ ඇඟලුම් කර්මාන්තශාලා ආරක්ෂා කර ගතයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා. ඒ වගේම වර්තමාන ආණ්ඩුව විවේචනයට ලක් කර ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කිසිවිටකත් එහිදී උත්සාහ කළේ නැහැ. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍යය අරමුදලේ නියෝජිතයන් සමගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා සාකච්ඡා කර තිබුණා. එහිදීත් රජය විවේචනය නොකර රටේ ජනතාවට සහන ලබා දීමට හැකි මාවත් තිබේදැයි සජිත් ප්‍රේමදාස මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කර තිබුණා. මේ සම්බන්ධයෙන් රටේ සිටින බහුතරයක් ජනතාව දන්නේ නැහැ. මේ දේවල් පිළිබඳව රටේ බහුතරයක් පිරිස දකින්නේ ඉතාමත් සරල ආකාරයට. අපේ රටට ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් අවශ්‍ය වෙනවා. එසේ නොමැති වුවහොත් රටේ ප්‍රජාතන්ත්‍ර ව්‍යුහය ආරක්ෂා කර ගැනීමට නොහැකි වෙනවා. ඒ වගේම නවසීලන්තයේ නියෝජ්‍ය අගමැතිවරයාත් සජිත් ප්‍රේමදාස මහතා හමුවුණා. එහිදී ඔහුත් විපක්ෂයේ වැඩ පිළිවෙළ පිළිබඳව සතුටටපත්වුණා. ඒ වගේම ආණ්ඩුව ගන්නා ඕනෑම හොද තිරණයටක සහාය ලබාදිමට සමගි ජනබලවේගය සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරනවා. රටේ තිබෙන වංචා දුෂණ අඩු කරන්න වර්තමාන ආණ්ඩුව කටයුතු කරගෙන යනවා. ඒවා හොද කටයුතු. ඒ හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහය සාර්ථක කරගැනිමට හැකියාව ලැබෙනවා.‘‘






















