Thursday, September 3, 2026
HomeNEWSLatest Newsකැලණි ගඟ දෙපස පරිසර වාර්තා නොගත් කර්මාන්තශාලා 4000ක්

කැලණි ගඟ දෙපස පරිසර වාර්තා නොගත් කර්මාන්තශාලා 4000ක්

කැලණි ගඟ දෙපස පරිසර වාර්තා නොගත් කර්මාන්තශාලා 4000ක්

කැලණි ගඟ දෙපස පරිසර වාර්තා ලබා නොගත් කර්මාන්තශාලා 4000ක් පමණ පවතින බව පරිසර අමාත්‍යාංශය පවසයි.

කඩුවෙල සිට පෑලියගොඩ පාලම දක්වා කැලණි ගඟ දෙපස කර්මාන්තශාලා 7000ක් පමණ ඇති අතර ඉන් පරිසර වාර්තා ලබාගෙන ඉදිකර ඇත්තේ කර්මාන්තශාලා 3000ක පමණ ප්‍රමාණයක් බව පරිසරවේදීන් පෙන්වා දෙයි.

පරිසර සංවිධාන නියෝජිතයින් සහ විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර පැවති සාකච්ඡාවකදී පරිසරවේදීන් මේ බව සඳහන් කළේය.

මෙහිදී ඔවුන් පෙන්වාදී ඇත්තේ කොළඹ නගරයට ජලය සපයන ප්‍රධාන මූලාශ්‍රය වන කැලණි ගඟ අපවිත්‍ර වීම වැළැක්වීම සඳහා පාරිසරික වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කළ යුතු බවය.

එමෙන්ම කර්මාන්තශාලාවලින් අප-ජලය බැහැර කිරීමේ ක්‍රියාවලිය වහාම අධ්‍යයනය කළ යුතු බවත් ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ දායකත්වය ලබාගත යුතු බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති මහින්ද අමරවීර අමාත්‍යවරයා කැලණි ගඟ දෙපස පවතින පරිසර වාර්තා ලබානොගෙන ඉදිකර ඇති කර්මාන්තශාලා පිළිබඳ අධ්‍යයනයක් සිදුකර තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදුන් බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img