Thursday, September 3, 2026
HomeNEWSLatest Newsබොහෝ දේශපාලනඥයින් පිරිහීමට හේතුව ඔවුන්ගේ භාර්යාවන් - අගමැති කියයි

බොහෝ දේශපාලනඥයින් පිරිහීමට හේතුව ඔවුන්ගේ භාර්යාවන් – අගමැති කියයි

බොහෝ දේශපාලනඥයින් පිරිහීමට හේතුව ඔවුන්ගේ භාර්යාවන් – අගමැති කියයි

බොහෝ දේශපාලනඥයින් පිරිහීමට හේතුව ඔවුන්ගේ භාර්යාවන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (30)කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ආග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ප්‍රදීප් ජයවර්ධන මහතා විසින් රචිත ”ප්‍රජාතන්ත්‍රවාදයේ ඒකාධිපතියා – ජේ.ආර්.ජයවර්ධන යුගයේ නොපළ කතා”කෘතිය සහ සාගරිකා දිසානායක මහත්මිය විසින් රචිත ”එලීනා ජයවර්ධන – චරිතයක කතාවක් ” යන කෘතීන් එළිදැක්වීම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ සිදුකෙරුණි.

“ඇත්ත වශයෙන්ම මම සන්තෝෂ වෙනවා මෙම කෘතීන් එළි දැක්වීමේ අවස්ථාවට එක්වීමට ලැබීම ගැන. මම පාසල් යන අවධියේ නැවතිලා හිටියේ ජේ. ආර්. ජයවර්ධන මහතා ගේ නිවසට ආසන්න නිවසක. එතන තවත් වෛද්‍ය ශිෂ්‍යයන් පිරිසකුත් හිටියා. මම එතුමිය දැක්කේ ඒ දවස් වල. ඇය ඉතාම නිහතමානී චරිතයක්. එලීනා මැතිනිය ගැන කෘතිය එළි දැක්වීම කාලෝචිත ක්‍රියාවක්. අද ගොඩක් දේශපාලනඥයින් පිරිහෙන්නේ ඔවුන්ගේ භාර්යාවන් නිසයි. මේ පොත කාන්තාවන් කියවන්න. එය කාන්තාවන්ට ඉතා වැදගත් වනු ඇතැයි,” යනුවෙන් එහිදී අදහස් දක්වමින්  අග්‍රාමාත්‍යවරයා පැවසීය.

මේ අතර කොළඹ හින්දු විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානොත්සවය අද (30) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

එහිදී 2019 වසර තුළ අධ්‍යාපන හා විෂය සමගාමී කටයුතුවලට දක්ෂතා දැක්වූ සිසුන්ට සහතිකපත් හා ත්‍යාග ප්‍රදානය කෙරුණේ අග්‍රාමාත්‍යවරයා අතිනි.

2019 හින්දු විද්‍යාලයේ සඟරාව සහ සමරු තිළිණයක් මෙහිදී විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබීය.

මේ අතර මොරටුව රාවතාවත්ත රෝමානු කතෝලික විදුහලට පත්කළ නව විදුහල්පතිවරයාට ලබා දී ඇති ස්ථාන මාරුව වළක්වන ලෙස ඉල්ලමින් සිසුන්ගේ මව්පියන් පිරිසක් අද විදුහල ආසන්නයේ විරෝධතාවක නිරත වුණි එම අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ටෙනිසන් කුරේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එම නිවස වෙත යමින් සිටි අතර විරෝධතාව දුටු අග්‍රාමාත්‍යවරයා රථය එම ස්ථානයේ නවතා විරෝධතාකරුවන්ගේ ගැටලුවලට සවන් දුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img