Sunday, November 8, 2026
HomeNEWSකිරිපිටි මිල නැවතත් ඉහළට ?

කිරිපිටි මිල නැවතත් ඉහළට ?

ආනයනික කිරිපිටි මිල නැවතත් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර ඇති බව වාර්තා වේ.

ලෝක වෙළෙඳපොලේ කිරිපිටි මිල ඉහළයාම හා ඩොලරයේ අගය ඉහළයාම හේතුවෙන් කිරිපිටි මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා විය.

ඒ අනුව කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 600කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 260කින් ඉහළ දෑමීමට යෝජනා වී ඇති බව සඳහන් වේ.

එම මිල ගණන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම්දී ඇති බවට ද වාර්තා විය. 

කෙසේවෙතත් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (19) පස්වරුව වන විට ප්‍රකාශය කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේය.

මේ අතර මෙරට ඉල්ලුමට අවශ්‍ය කිරිපිටි ආනයනය කිරීමට මේ වන විටත් හැකියාවක් නොමැති බව ආනයනකරුවන් පවසයි.

ණයවර ලිපි විවෘත කිරිමේ දුෂ්කරතා හේතුවෙන් ඉල්ලුමට අවශ්‍ය කිරිපිටි ආනයනය කිරිමට හැකියාවත් නොමැති බව ඔවුන් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img