Wednesday, November 11, 2026
HomeNEWSකිරිපිටි මිල ව්‍යාපාරිකයන් අතට

කිරිපිටි මිල ව්‍යාපාරිකයන් අතට

කිරිපිටි සඳහා පනවා තිබු පාලන මිල ඉවත්කිරීමට රජය කටයුතු කළ අතර දේශීය කිරිපිටි නිෂ්පාදන අලෙවිසැල් අසල අදත් දිගු පෝළිම් දක්නට ලැබුණි.

කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති යන භාණ්ඩ සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කැබිනට් අමාත්‍යවරුන් අතර ඊයේ පැවති හමුවේදී තීරණය කෙරුණි.

එහිදී තේ වගාව සඳහා අවශ්‍ය නයිට්‍රජන් නිස්කාරකය අඩංගු සුදුසු පොහොරක් ආනයනය කිරීමට ද කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

මේ අතර පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද සඳහන් කළේ ඉල්ලුම හා සැපයුම මත ඉදිරියේදී භාණ්ඩ මිල තීරණය වන බවය.

ලෝක වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ යාම හා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වීම හේතුවෙන් කිරිපිටි, ගෑස්, සිමෙන්ති සහ තිරිඟු පිටි මිල ඉහළ නැංවීම සඳහා ආනයනකරුවන් රජයෙන් ඉල්ලීම් කළ අතර ඒ සම්බන්ධයෙන් ජීවන වියදම් කමිටුවේද අවධානය යොමුවිය.

ඒ අනුව කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුව රුපියල් 200කින්, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුව රුපියල් 80කින්,  ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 550කින්, සිමෙන්ති රුපියල් 50කින් සහ තිරිඟු පිටි රුපියල් 10කින් මිල ඉහළ නැංවීමට එහිදි යෝජනාවී තිබුණි.

ආනයනකරුවන්ගේ ඉල්ලීම්වලට විසඳුමක් නොලැබීම හේතුවෙන් වෙළෙඳපොළේ කිරිපිටි , තිරිඟු පිටි, සිමෙන්ති මෙන්ම ගෑස්වල දැඩි හිඟයක් නිර්මාණය වුණි.

කෙසේ වෙතත් කිරිපිටි ආනයනකරුවන් හා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අතර අද (08) දහවල් සාකච්ඡාවක් පැවැත් වුණි.

එහිදී කිරිපිටි ආනයනකරුවන් විසින් කිරිපිටි කිලෝවක් රුපියල් 350කින් හා ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 140කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.

ඒ අනුව එම මිල ගණන් සඳහා රජය එකඟ වුවහොත් කිරිපිටි කිලෝවක් රුපියල් 1,300 ක් හා ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 520ක් දක්වා ඉහළ යනු ඇතියි.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හා සිමෙන්ති ආනයනකරුවන් අතර සාකච්ඡාව පැවතියේ ඉන් අනතුරුවයි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් හස්ති සිමෙන්ති සමාගමේ, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, ඉන්දික ගීගනගේ මහතා පවසා සිටියේ සිමෙන්ති මිටියක් රු 200කින් ඉහළ දැමීමට ඉල්ලූ බවය.

තිරිඟු පිටි ආනයනකරුවන් හා රාජ්‍ය අමාත්‍යවරයා අතර ද අද පස්වරුවේ සාකච්ඡාවක් පැවැත් වුණි.

මෙහිදී අදහස් දක්වමින් සෙරෙන්ඩිප් ෆ්ලා මිල්ස් ආයතනයේ, අලෙවි හා සන්නිවේදන අංශ ප්‍රධානී කාලිංග විජේසේකර මහතා පවසා සිටියේ, රු 15 කින් හෝ රු 20කින් වැඩි කිරීමට සිදුව ඇති බවය.

ලසන්ත අලගියවන්න මහතා ගෑස් නියෝජිතයින් අතර ද සාකච්ඡාවක් පැවැත්වුණි.

එහිදී අදහස් දක්වමින් ලාෆ් ගෑස් සමුහ ආයතනයේ සභාපති, ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා පවසා සිටියේ, පිරිවැයට සාපේක්ෂව මිල තීරණය කිරීමට නියමිත බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img