Wednesday, November 11, 2026
HomeNEWSකොවිඩ් ආසාදිත ළමා මරණ ගැන අනාවරණයක්

කොවිඩ් ආසාදිත ළමා මරණ ගැන අනාවරණයක්

කොවිඩ් ආසාදිත ළමා මරණ 67ක් පසුගිය සිකුරාදා දිනය වන විට මෙරටින් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.

අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ, විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පවසා සිටියේ,  එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 18ට අඩු අය බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරයා,

“මේ දරුවන් 67 දෙනාගෙන් 13දෙනෙක් ගෙදරම මියගියා. අනෙක් දරුවන්ගෙන් සියයට 95කට වැඩි ප්‍රමාණයක් රෝහලට පැමිණිලා තියෙන්නේ, අවසාන අවස්ථාවේ. යම්කිසි රෝගී තත්ත්වයක් තියෙනවා නම් දරුවෙකුට උණ කැස්ස හෝ වෙනත් ආබාධයක් සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකුට වහාම පෙන්වන්න. එහෙම නැත්නම් ඔබ ඒ ගැන සෑහීමකට පත්වෙන්නේ නැත්නම් ළඟම තියෙන රෝහලට පැමිණෙන්න.”

මේ අතර රුපියල් 7500ක කොවිඩ් අවදානම් මාසික දීමනාව අඛණ්ඩව ලබා නොදීම,සෞඛ්‍ය සේවාව සංවෘත සේවාවක් නොකිරීම ඇතුළු කරුණු 09 ක් මුල්කරගනිමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 41 ක් අද උදෑසන 7 සිට පැය 5ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළේය.

දහවල් 12න් පසු රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමටද සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img