Sunday, October 25, 2026
HomeNEWSLatest Newsකුමනින් මතුවූ රුහුණේ උරුමය

කුමනින් මතුවූ රුහුණේ උරුමය

ක්‍රිස්තු වර්ෂ 07 වන හෝ 08වන සියවස්වලට අයත් බව සැලකෙන බුද්ධ ප්‍රතිමාවක් හා අවලෝකිතේෂ්වර සහ මෛත්‍රී බෝධිසත්වයන්ගේ ප්‍රතිමා දෙකක් කුමන රක්ෂිතයෙන් සොයාගැනීමට පුරාවිද්‍යා ගවේෂකයින් පිරිසක් සමත්ව තිබේ.

ගවේෂණය සිදුකර තිබුණේ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු එහි විද්‍යාර්ථීන් පිරිසකි.

රුහුණේ ඉතිහාසය පිළිබඳ නව තොරතුරු සොයා ගැනීමේ අරමුණින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා සමග කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂක විද්‍යාර්ථීන් පිරිසක් පසුගියදා මොනරාගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යාත්මක ගවේෂණයක් ආරම්භ කර ඇත. 

පිරිස ඇතිමලේ ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කර තිබුණේ කුමන රක්ෂිතය තුළ පිහිටා ඇති බුදුපටුන්ගල නමින් හැඳින්වූ ප්‍රදේශය සොයා ගැනීමේ අරමුණ ඇතිවය.

කිලෝමීටර් 15ක පමණ දුරක් ඔවුන් පා ගමනින්ම කුමන රක්ෂිතය තුළින් ඉදිරියට යන අතරේදී, පෞරාණික ප්‍රතිමා තුනක් ඇස ගැටී ඇත.

එලෙස සොයා ගැනුණේ විශාල ගල්පර්වතයක නෙළා ඇති බුද්ධ ප්‍රතිමාවක් හා ඊට දෙපසින් පිහිටා ඇති අවලෝකිතේෂ්වර සහ මෛත්‍රී බෝධිසත්වයන්ගේ ප්‍රතිමා දෙකය.

ඒවා ක්‍රිස්තු වර්ෂ 07 වන සියවසට හෝ 08වන සියවසට අයත් ඒවා විය යුතු බව මහාචාර්ය සෝමදේව මහතා පැවසීය.

කනගාටුවට කරුණ නම්, මෙම සොයාගැනීම කරන විටත් ප්‍රතිමා දෙකකටම කිසියම් පිරිසක් හානි කර තිබීමය.

රුහුණු රාජධානිය සංවර්ධිතම අවධියේදී එහි භූ දේශපාලනික බලය කළු ගඟේ සිට මහවැලි ගඟ දක්වා පැතිර තිබූ බව වංශ කතාවල සඳහන් වේ.

තිස්සමහාරාමයේ සිට පොතුවිල් දක්වාත් අම්පාරේ සිට සේරුනුවර දක්වා වන ප්‍රදේශයේත් පිහිටා ඇති මෙම පුරාවස්තු, රුහුණු රාජධානියේ පැවති එම සමෘද්ධිය පිළිඹිබු කරන බව සෝමදේව මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...

NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් වන්න” – NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක් ශ්‍රී ලංකාව කලාපීය වෙළෙඳ, කර්මාන්ත හා ආයෝජන...

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img