Sunday, October 25, 2026
HomeNEWSLatest Newsසංවිධානාත්මක අපරාධ කල්ලිවලට ඔත්තු සැපයූ IP

සංවිධානාත්මක අපරාධ කල්ලිවලට ඔත්තු සැපයූ IP

මේ වන විට අනාවරණය කරගත් අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් රාජසන්තක කිරීමට කටයුතු කරමින් සිටින බව පොලීසිය පවසයි.

මේ අතර, අපරාධකරුවන් සහ මත්කුඩු ජාවාරම්කරුවන් සොයා ඊයේ (31) සහ අදත් (01) මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කර තිබේ.

කඳාන සහ ජා-ඇල යන ප්‍රදේශවල හෙරොයින් බෙදාහැරීමේ නිරතව සිටි ප්‍රධාන සැකකරු කඳාන පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

රුවන් කුමාර හෙවත් “බටගම කුඩු රුවන්” නැමැති 30 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැනුණේ ජා ඇල කන්දවත්ත පරණ උසාවිය මාර්ගයේදීය.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් එකහමාරක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ ඔහුගේ බැංකු ගිණුමක පසුගිය මාස 07 ක කාලය තුළ රුපියල් කෝටි පහමාරකට අධික මුදලක් සංසරණය වී ඇති බවය. 

මේ අතර. මිරිහාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී.ආර් හෙට්ටිආරච්චිගේ වැඩ තහනම් කර තිබේ.

ඒ නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසිනි.

මෙම පොලිස් පරීක්ෂකවරයා සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයන් සමඟ සබඳතා පැවැත්වු බව, ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා සිදුකළ විමර්ශනයනකදී හෙළිවී තිබේ.

විමර්ශනයේදි හෙළිවී ඇත්තේ එම පොලිස් පරීක්ෂකවරයා ගල්කිස්ස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටියදී එම ප්‍රදේශය තුළ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ධර්මසිරි  සමග විටින් විට දුරකථන සබඳතා පවත්වා ඇති බවය.

මේ වන විට රටින් පලාගොස් ඇති බව පැවසෙන ධර්මසිරි නමැත්තා සොයිසාපුර හෝටලයට වෙඩි තැබීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුය.

එමෙන්ම ධර්මසිරිගේ ඥාති පුත්‍රයෙකු වන, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ පවුල්වලට සුබසාධන පහසුකම් සැලසීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකරු සමඟද මෙම නිලධාරියා කිට්ටු සබඳතාවක් පවත්වා ඇති බව විමර්ශනවලදී හෙළිවී වී තිබේ.

පොලීසිය සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ගල්කිස්ස පොලීසිය ක්‍රියාත්මක කළ මෙහෙයුම් සම්බන්ධයෙන්ද මෙම නිලධාරියා තොරතුරු ලබා දී ඇති බවය.

මේ අතර හෙරොයින් ග්‍රෑම් 62යි ග්‍රෑම් 350ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් රුපියල් 58,000 ක මුදලක්ද සමගින් මහනුවර පොලීසිය විසින් අද මහනුවර බෝගම්බර රෝහල් පටුමගේ දී අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුරයේ පදිංචිකාරිනියක් වන ඇය වරක් බන්ධනාගාරගතව සිටියදී මහනුවර ප්‍රබල කුඩු ජාවාරම්කාරියක් වන කුඩු චන්ද්‍රලේඛා සමඟ ඇතිකරගත් සබඳතාවක් මත මේ වනවිට ජාවාරම් සිදුකරන බව හෙළිවී තිබේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන මොහොමඩ් තාජුඩීන් මොහොමඩ් ෂාවුල් හෙවත් “සාවන්නා” නැමැත්තා මාලිගාවත්ත ලීමෝල්වත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද අත්අඩංගුවට ගත්තේය.

මහියංගනය ප්‍රදේශයේ හෙරොයින් බෙදාහැරීමේ නිරත වු සජිත් විජේසුරිය නොහොත් “ටයියා” නැමැත්තෙක් සහ ඔහුගේ බිරිඳ මහියංගනය පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 500ක් සහ මුදලින් රුපියල් 13,000 ක්ද තිබූ බව පොලීසිය පැවසීය.

මේ අතර, කඩදාසි බෝල තුළ හෙරොයින් සඟවා කළුතර බන්ධනාගාරයට විසි කිරීමට උත්සාහ කළ කාන්තාවක් සහ පුද්ගලයින් දෙදෙනෙක් කළුතර උතුර පොලීසිය අද අත්අඩංගුවට ගෙන ඇත.

එම කඩදාසි බෝලවල තිබි හෙරොයින් ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 500 ක්ද, ජංගම දුරකථන 02ක් සහ සිම්පත් 08ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...

NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් වන්න” – NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක් ශ්‍රී ලංකාව කලාපීය වෙළෙඳ, කර්මාන්ත හා ආයෝජන...

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img