කුරුණෑගල-දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගොකරැල්ල ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් මියගොස් ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මව සහ පුතු බවට අනාවරණය වී තිබේ.
පුත්‍රයා 39 හැවිරිදි වියේ පසුව ඇති අතර මව 62 හැවිරිදි වියේ පසුව ඇත.
මොවුන් දේවගිරිය දිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබේ.
පොල්ගොල්ල පිරිවෙන අසළදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
ලංගම බස් රථයක් ඉස්සර කිරීමට යාමේදී බස් රථයේ බඳෙහි ගැටී ඇති යතුරුපැදිය පෙරළී ගොස් ඔවුන් දෙදෙනා බස් රථයේ පසුපස රෝදයට හසුවී බරපතළ තුවාල ලබා ඇත.
අනතුරුව ඔවුන් දෙදෙනා ගොකරැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගොකරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.






















