ක්‍රීඩා සංගම්වල තනතුරු හොබවමින් ඉන් ජීවත්වූ පුද්ගලයින්ට නව ක්‍රීඩා නීති මගින් වැට බැඳෙන බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ නව ක්‍රීඩා නීති පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා,
“ක්‍රීඩා සංගම්වල තියෙන ධූර කාලය…ඕනම ක්‍රීඩා සංගමයක සභාපතිවරයෙක්ට අවුරුදු 02ක කාලයක් දෙපාරක්.. ඒ කියන්නේ අවුරුදු 04ක් ඉන්න පුළුවන්.”
“වෙනත් නිලතලයක ඉඳලා ආපසු සභාපති වෙනවා නම් අවුරුදු 08ක් ඉන්න පුළුවන්. සභාපතිවරයා හැටියට ඉන්න පුළුවන් අවුරුදු දෙකේ ඒවා දෙකයි.”
“වයස සීමාවක් පනවලා තියෙනවා.. අවුරුදු 70වට අඩුවිය යුතුයි කියලා.”
“වැදගත්ම දේ මම දකින්නේ.. තමන්ගේ අවුරුදු 03ක වත්කම් බැරකම් ඉදිරිපත් කරන්න ඕනේ.”
“මම අත්දැකීමෙන්ම දන්න දෙයක් තමයි සමහර ක්‍රීඩා සංගම්වල ඉන්න අය.. අවුරුදු 05කට කලින් හිටපු විදියයි අද ඉන්න විදියයි බලපුවාම පුදුම විදියට සල්ලි හම්බකරලා තියෙනවා.”
“වත්කම් බැරකම් හෙළි කරලා තියෙනවා නම් අපිට තේරුම් ගන්න පුළුවන් කොයි විදියට ද තියෙන්නේ කියලා.”
“භාණ්ඩාගාරික කියන එකටත් සුදුසුකමක් ඉල්ලලා තියෙනවා. ප්‍රධාන ක්‍රීඩා සංගම්වලට වරලත් ගණකාධිවරුන්ගේ ආයතනයක් විසින් සිදුකරන ලද සහතිකයක්.”
“ඉස්සර ක්‍රීඩා සංගම්වල සුදුසුකම් ලත් ගණකාධිකාරවරයෙක් හිටියා. නමුත් පසුව ඒවා වෙනස් වෙලා තියෙනවා.”
“ද්විත්ව පුරවැසියෙකුට මේ සම්ගම්වලට එන්න බැහැ. ඕනම වරදක් කරලා සමහරවිට වෙන රටකට පයින්න පුළුවන්.”
“ජාත්‍යන්තර වශයෙන් රටට එන මුදල් අනවශ්‍ය විදියට වියදම් කරනවා කියන එක තමයි අපි දැනුවත් වෙලා තියෙන්නේ. ඒත් සමහර සම්ගම්වල මහත්තුරු අතින් වියදම් කරගෙන ක්‍රීඩා සංගම් ගෙනියනවා. අපි ඒ අයට ස්තූති කරනවා.”
“අපි මෙතනදි ක්‍රීඩා 70ක් බැලුවා. සමහර.. මහත්තුරු කියලා මං කියන්නෑ ඒ ගොල්ලන්ට.. ක්‍රීඩා සංගම්වලින් තමයි යැපෙන්නේ.”
“ක්‍රීඩා සංගම්වලට අලුතින් කාලසීමාවක් පනවන කොට සමහර අයට කලබල වෙන්න ප්‍රශ්න ගොඩාක් ඇවිත් තියෙනවා. මොකද මේ හරහා ජීවත්වෙන පුද්ගලයෝ ගොඩාක් ඉන්නවා.”






















