කොවිඩ් වෛරස හමුවේ ජනතාව සෞඛාරක්ෂිත උපදෙස් නොසළකා කටයුතු කිරීම කණගාටුදායක බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මෙරට ජනතාව කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීමට අනුගමනය කළ යුතු සෞඛාරක්ෂිත ක්‍රමවේද කිසිවක් අනුගමනය නොකරන තත්ත්වයක් සමාජය තුළින් දක්නට ලැබේ.
මහමඟ මෙන්ම පොදු ප්‍රවාහන සේවාවලදීත් ඇතැමුන් සෞඛාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන අයුරු අපට දැකගත හැකි විය.
ජනතාව නිරන්තරයෙන් ගැවසෙන පොදු ස්ථානවලදීත් සෞඛාරක්ෂිත ක්‍රමවේද නොසළකා හැර ඇත්තේ කොවිඩ් වෛරස අවදානම සම්පූර්ණයෙන් අමතක කර දමමින් බව පෙනේ.
මේ දිනවල පැවැත්වෙන. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණෙන ඇතැම් පිරිස් ද සෞඛාරක්ෂිත ක්‍රමවේද අත්හැරදමා ඇති අයුරු දක්නට ලැබුණි.
මෙවන් පසුබිමක සෞඛය හා ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ ජනතාවට වගකීම් සහගතව කටයුතු කළ යුතු බවය.






















