බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ක්රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කරයි.
ඒ අනුව, දිවයින පුරා ඊයේ (18) රාත්රියේ සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුමකින් බීමත් රියදුරන් 249 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, වෙනත් වැරදි සම්බන්ධයෙන් 3016 දෙනෙක්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බවය.






















