නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රියව පවතින බැවින්, දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවය.
එමෙන්ම සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.






















