Monday, October 26, 2026
HomeNEWSLatest Newsකොවිඩ් නිසා මාළු කිලෝ ලක්ෂ 3ක් බහුදින ධීවර යාත්‍රාවල

කොවිඩ් නිසා මාළු කිලෝ ලක්ෂ 3ක් බහුදින ධීවර යාත්‍රාවල

කොවිඩ් නිසා මාළු කිලෝ ලක්ෂ 3ක් බහුදින ධීවර යාත්‍රාවල

කොවිඩ් – 19 අර්බුදය හමුවේ මෙරට ධීවර කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය ධීවර වරායන් සඳහා විශේෂිත වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් සකස්කරන ලෙස සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය උපදෙස් ලබා දී තිබේ.

ධීවර කාර්මිකයින්ට සහ පාරිභෝගිකයින්ට සහන සැළසීමේ අරමුණින් අමාත්‍යවරිය විසින් අද (24) පැවති සාකච්ඡාවකදී අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතාට මෙම උපදෙස් ලබාදී ඇති බව සදහන් වේ.

මාත්ස්‍ය කිලෝග්‍රෑම් 350,000ක තොගයක් සහිත බහුදින ධීවර යාත්‍රා 53ක් බේරුවල හා ගාල්ල ධීවර වරායන්හි පවතින බවට එම සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ.

මේ හේතුවෙන් එම මාළු තොග පාරිභෝගිකයින්ට බෙදාහැරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කිරීමට අවශ්‍ය සැළසුමක් කඩිනමින් සකස් කිරීම පිළිබඳව එම සාකච්ඡාවේදී අවධානය යොමුවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ඊට අවශ්‍ය මාර්ගෝපදේශ සකස්කර ධීවර අමාත්‍යාංශය හරහා ධීවර වරායන් වෙත නිකුත් කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාවරිය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වෙයි

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව (⁣ඇ:ඩො:බි:12.96)...

වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්‍රදේශයට

අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ, 195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම - කරන්දිපෝවල් ප්‍රදේශයට. කුලියාපිටිය - 193 mm මන්නාරම - ඉලුප්පෙකඩවයි -...

“ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑමෙන් පළාත් කිහිපයකට තද වැසි

‘ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑම ශ්‍රීලංකාවට වක්‍රාකාරව බලපාන බැවින් උතුර,බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි ඇතිවිය හැකියි-MET

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img