සත්ය ලෙසින්ම රටේ සෞභාග්යය පැතූ සේම රට සෞභාග්යමත් කිරීමට කැප වූ කෘතහස්ත දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්යවරයෙකු වූ දිවංගත ගරු ගාමිණි දිසානායක මැතිතුමන්ගේ ගුණ සැමරේ.
පෙර රජ දවසට පසු මාතෘ භූමියට සැබෑ සෞභාග්යය උදා කරන්නට මහවැලි නදිය යොදාගත්තා සේම ඊට සමගාමීව තවත් වාරි ව්යාපෘතීන් රැසක් තුළින් රටට විදුලියත්, කෘෂිකර්මාන්තයත් ඒ තුළින් නගාසිටුවීම උදෙසා මහා කාර්යභාරයක් ඉටු කරන ලද ජනතාවගේ සැබෑ ආදරය දිනාගනිමින් රටේ ජනතාවටද ඊට නොදෙවනි ආදරයක් දැක් වූ දිවංගත ගරු ගාමිණී දිසානායක මැතිතුමා ගේ 26 වන ගුණ සැමරුව සහ එතුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද 2020.10.24 දින මහවැලි කේන්ද්රය ඉදිරිපිට පිහිටි එතුමාගේ පිළිරුව අභියසදීයි.
එමඅවස්ථාවට හිටපු කථානායක කරු ජයසූරිය මැතිතුමා, හිටපු අමාත්ය අධිනීතීඥ නවින් දිසානායක මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්රී මයන්ත දිසානායක මැතිතුමා, වරුණි දිසානායක මැතිණිය ඇතුළු පව්ලේ ඥාතින් සහ හිතවතුන් පිරිසක් සහභාගී වූහ.






















