Monday, July 20, 2026
HomeNEWSLatest Newsගම්වදින වන අලි කැලෑ වදින ක්‍රමවේදයක් හදන්න ... ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් ...

ගම්වදින වන අලි කැලෑ වදින ක්‍රමවේදයක් හදන්න … ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් …


වන අලි ගම් වදිනවා වෙනුවට කැලෑ වදින ක්‍රමවේදයක් සකස් කර අලි මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථීර විසඳුමක් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

දිස්ත්‍රික්ක රැසක ජනතාව මුහුණ දෙන වන අලි ගම් වැදීමේ ගැටළුව වසර 40කට ආසන්න කාලයක් සාකච්ඡාවට ලක් වෙයි. විවිධ විසඳුම් ක්‍රියාත්මක කළ ද ගැටළුව විසඳී නැත. මිනිසා සහ අලියා යන දෙකොටසම සුරැකෙන කඩිනම් සහ ස්ථීර විසඳුම් සෙවීම ප්‍රමුඛ කාර්යක් බව ජනාධිපතිතුමා අවධාරණය කර සිටී.

වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලැසුම් පිළිබඳව අද (27) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

2019 වසරේ දී වන අලි ගම් වැදීමෙන් මිනිස් ජීවිත 122ක් අහිමි විය. වන අලි 407 දෙනෙකු මිය ගොස් තිබේ.  මේ වසරේ ගත වූ මාස 08 තුළ අහිමි වූ මිනිස් ජීවිත ගණන 62කි. මිය ගිය අලි සංඛ්‍යාව 200කි. මේ නිසා වගා කටයුතුවලට,  දෛනික ජන ජිවිතයට මෙන්ම වන අලි ගහණයට එල්ල වී ඇති තර්ජනය අතිවිශාල බව ජනාධිපතිතුමා පැවසීය.

හෙක්ටයාර දොළොස් ලක්ෂයක කැලෑ බිමක්  වනජීවි දෙපාර්තමේන්තුව සතුව තිබේ. වන සතුන්ගේ ආහාර පිළිබඳ සොයා බැලීම ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමක් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

දීර්ඝ කාලයක සිට පවතින ගැටළුවට විසඳුමක් සෙවීමට හෝ උපාය මාර්ග සකස් කිරීමට හෝ අදාළ ක්ෂේත්‍රවල නිලධාරීන්ට නොහැකිවීම ගැන ජනාධිපතිතුමා මවිතය පළ කළේය.

වන අලි ගම් වැදීම වළක්වා ජන ජීවිතය සහ වගා බිම් ආරක්ෂා කිරීමට ස්ථීර විසඳුම්ක් සෙවීම සඳහා කමිටුවක් පත් කර තිබේ.

රක්ෂිත භූමිවල ඇති වැව් සහ ජලාශ ප්‍රතිසංස්කරණයට සහ ඒ ආශ්‍රිතව තෘණ වගාව ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

කඩොලාන සංරක්ෂණය සහ පුළුල්ව ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණ. කඩොලාන වගා කිරීමේදී ජනතාවට ප්‍රතිලාභ හිමිවන අයුරින් නීති ලිහිල් කළයුතුව ඇතැයි ද ජනාධිපතිතුමා පැවසීය.

කඩොලාන ආශ්‍රිතව ඉස්සන් වගාව කරගෙන යාමට ඇති හැකියාව ද නිලධාරීහූ පෙන්වා දුන්හ.

ගංගා ආශ්‍රිතව වැලි ගොඩදැමීම පාලනයක් සහිතව කරගෙන යාමට එම ප්‍රදේශවල ජනතාවට අවසර දීම කෙරෙහි ද අවධානය යොමු කෙරිණ.

ජනතා උද්යෝගය මත ක්‍රියාත්මක ව්‍යාපෘති ජනතා අවධානයෙන් මිදී ඇති කාලයේදී ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් වගබලා ගතයුතු යැයි  ජනාධිපතිතුමා පැවසීය.

අමාත්‍ය සී.බී. රත්නායක, රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ලේකම්වරු සහ නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img