හලාවත, බංගදෙණිය ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිත කාන්තාව ඇසුරු කළ පුද්ගලයින් හඳුනාගනිමින් ඔවුන් නිවෙස් තුළ නිරෝධායනයට යොමු කිරීමට පියවර ගනිමින් සිටින බව පුත්තලම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.
පුත්තලම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය සඳහන් කළේ ගැබිණි කාන්තාවක් වන 29 හැවිරිදි ඇය මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා මුල්ලේරියාව මූලික රෝහල වෙත යොමු කර ඇති බවය.
ඩුබායි හි සිට පසුගිය මාසයේ මෙරටට පැමිණි මෙම කාන්තාව නිරෝධායන කාලසීමාව අවසන් කර නිවෙස තුළ නිරෝධායනයට යොමු කර තිබේ.
ඒ අතර සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකට අනුව ඇයට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබුණි.
මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සහ කුවේට් සිට මෙරටට පැමිණ නිරෝධායනයට යොමු කළ පුද්ගලයින් දෙදෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට අද හඳුනාගැණුනි.
ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2986 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.
කෙසේවෙතත් රෝහල් ගතව සිටි ආසාදිතයින් 11 දෙනෙකු අද (27) දිනයේ ද සුවය ලැබිම හේතුවෙන් සුවය ලැබූ සංඛ්‍යාව 2830 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 144 දෙනෙකු වේ.






















