Sunday, November 15, 2026
HomeNEWSLatest Newsආනවිළුන්දාව අභයභූමියේ කොටසක් ඩෝසර් කරලා

ආනවිළුන්දාව අභයභූමියේ කොටසක් ඩෝසර් කරලා

මෙරට දෙවැනි රම්සා තෙත්බිම වන ආනවිළුන්දාව අභයභූමියේ කොටසක් ඩෝසර් කර ඉස්සන් කොටු ඇති කිරීම සඳහා කිසියම් පිරිසක් කටයුතු කරන බව ‍“අද දෙරණ උකුස්සාට“ තොරතුරු අනාවරණය වුණි.

උකුස්සා මේ පිළිබඳව සිදුකළ විමසීමකදී වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, අභය භූමිය විනාශ කළ පුද්ගලයින්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් පුත්තලම වනජීවි සහකාර අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබා දුන් බවය.

1997 වසරේ ජූනි 11 වැනිදා අභය භූමියක් ලෙස නම් කර ඇති මෙම තෙත් බිම් අභයභූමිය හෙක්ටයාර 1397කින් සමන්විතය.

ප්‍රධාන වැව් පද්ධතියකින් ද සමන්විත මෙය තෙත්බිම් ආරක්ෂා කිරීමේ අන්තර්ජාතික සම්මුතිය හෙවත් රම්සා සම්මුතිය යටතේ 2001 වසරේ අගෝස්තු 03 වැනිදා රම්සා තෙත් බිමක් ලෙස ප්‍රකාශයට පත් කළේය.

ඒ මෙරට දෙවැනි රම්සා තෙත් බිම ලෙසය.

මෙම වටිනා පරිසර පද්ධතිය ජලජ පක්ෂීන් දස දහස් ගනනකගේ ප්‍රජනන ස්ථානයක්, ක්ෂීරපායින් ඇතුළු තවත් සතුන් දහස් ගණනකගේ පෝෂණ සහ ලැගුම් ස්ථානයක්, දුලබ සමනල් විශේෂ ගණනාවක වාසස්ථානයක් මෙන්ම උඩවැඩියා සහ ලයිකන ඇතුළු වටිනා ශාක රාශියක නිජබිමක් ලෙස ද සුරක්ෂිත වී තිබේ.

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ඇති මෙම අභය භූමියේ බටහිර මායිමට ආසන්න ප්‍රදේශයේ කඩොලාන පද්ධතිය පසුගිය කාලයේ බොහෝ දුරට නොමනා මිනිසුන් විසින් විනාශ කර තිබුණි.

ඒ නිසාම පසුගිය කාලය පුරා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව​, වයඹ විශ්වවිද්‍යාලයේ සහය ඇතිව කඩොලාන පරිසර පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩ සටහනක් ද ආරම්භ කර තිබුණි.

එවැනි පසුබිමක පසුගිය අඟහරුවාදා රාත්‍රියේ දී කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමට නියමිතය තිබූ භූමි කොටසක් කිසියම් පිරිසක් ඩෝසර් කර මුලුමනින්ම විනාශ කර තිබුණි.

එම වටිනා භූමිය මෙලෙස විනාශ කර ඇත්තේ ඉස්සන් වගාව සඳහා අවශ්‍ය බිම් සැකසීමේ අරමුණින් උකුස්සා සිදුකළ සොයා බැලීමේ දී අනාවරණය වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img