Tuesday, November 10, 2026
HomeNEWSගෑස් සම්බන්ධයෙන් අලුත්ම ගැසට් එකක් නිකුත් කිරීමට සූදානම්

ගෑස් සම්බන්ධයෙන් අලුත්ම ගැසට් එකක් නිකුත් කිරීමට සූදානම්

ප්‍රමාණවත් තරම් ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් නොවීම හේතුවෙන් ප්‍රදේශ රැසක පාරිභෝගික ජනතාව තවදුරටත් පීඩාවට පත්වී සිටී.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසන්නේ, සංයුතිය සම්බන්ධයෙන් මතුවූ ගැටලුකාරී තත්ත්වයෙන් අනතුරුව එම ගෑස් සිලින්ඩර යළි පිරවීමේ ක්‍රියාවලිය හේතුවෙන් වෙළෙඳපොළට නිකුත් කිරීමේ ප්‍රමාදයක් පවතින බවය. 

මේ අතර ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේ බලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට පැවරීමට අදාළ ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආනයන අපනයන පාලකවරයා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ඇති බවය.

ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂාකිරීම සඳහා මෙතෙක් නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවූ අතර පසුගියදා ඇති වූ ගෑස් ගැටළුවලින් පසු එහි පරීක්ෂා කිරීමේ බලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට පැවරීමට තීරණය කරනු ලැබීය.

මෙවැනි පසුබිමක භූමිතෙල් භාවිතය සඳහා යොමුවූ ජනතාව ඔරුගොඩවත්ත ඉන්ධන පිරවුම්හල අසල බොහෝ වේලාවක් දිගු පෝලිම්වල රැඳී සිටි අයුරු ද දක්නට ලැබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img