Tuesday, November 10, 2026
HomeNEWSගුවනින් ගොස් වැටලූ ගංජා වගාව

ගුවනින් ගොස් වැටලූ ගංජා වගාව

කුමන රක්ෂිතයේ රහසිගතව සහ සූක්ෂම ආකාරයෙන් පවත්වාගෙන ගිය ගංජා හේනක් වටලා තිබේ.

විශේෂ කාර්ය බළකායේ සියඹලාණ්ඩුව, ලාහුගල, පොතුවිල්, සාශ්ත්‍රවෙිලී යන කඳවුරු ඒකාබද්ධව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බුද්ධි තොරතුරුකට අනුව එම වැටලීම සිදුකර තිබුණි.

එම වැටලීමේදී අක්කර 04ක පමණ භූමි ප්‍රමාණයක සරුවට වැඩී තිබූ ගංජා හේනක් සොයාගෙන ඇති අතර වනාන්තරය මැද සැක නොසිතෙන අයුරින් සහ බාහිරට නොපෙනෙන අයුරින් එම වගාව සිදුකරගෙන ගොස් තිබේ. 

එම වැටලීම සඳහා දින 7ක පමණ අතිශය දුෂ්කර මෙහෙයුමක් සිදුකළ බව විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැවසීය.

මෙහිදී නිලධාරීන් භාරයට ගත් ගංජා පැළ ඉතිහාසයේ මුල්වරට ගුවනින් ගෙනඒමට සිදුවී තිබුණි.

එහිදී ගුවන් ගමන් වාර 6ක් සිදුකර තිබෙන අතර කිලෝමීටර් 17ක දුරක් ගෙවා එම ගංජා පැළ රැගෙනවිත් ඇත.

පසුව පොතුවිල් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් අධිකරණ නියෝග මත නාවින්න ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව වෙත ඹෟෂධ නිෂ්පාදන කටයුතු සඳහා සමස්ත ගංජා ප්‍රමාණයම ලබාදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img