Sunday, October 25, 2026
HomeNEWSLatest Newsගෙදර ආ ශෙහාන්

ගෙදර ආ ශෙහාන්

දින 48ක පමණ කාලයක් මහ මුහුදේ දී ධීවර යාත්‍රාවකදී අමානුෂික වධ හිංසනයන්ට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි  මාතර මිරිස්ස ප්‍රදේශයේ පිරිමි දරුවා සිය නිවසට පැමිණ ඇත.

මාතර මිරිස්සේ පදිංචිව සිටි 16 හැවිරිදි ශෙහාන් ප්‍රමෝද්, ධීවර යාත්‍රාවක සේවයට ගොස් සිටි අතර තුර අල්ලාගත් “බල මාළුවෙක්” ඔහුගේ අතින් ගිලිහීයාම නිසා යාත්‍රාවේ සිටි අනෙක් ධීවරයින් ඔහුට අමානුෂික ලෙස පහර දී තිබුණි.

“අද දෙරණ” මේ පිළිබඳ සිදුකළ අනාවරණයත් සමග පොලීසියේ මෙන්ම විෂය භාර අමාත්‍යවරුන්ගේත් අවධානයද එම සිද්ධිය වෙත යොමු විය.

ඒ අනුව, ශෙහාන් තුවාල සහිතව රෝහල් ගත කෙරුණු අතර ඔහුට වධ හිංසා සිදු කළ පුද්ගලයින් ද පොලීසිය අත්අඩංගුවට ගත්තේය.

ශෙහාන්ගේ සුව දුක් විමසිම සඳහා අද (02) දෙවන වරටත් කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ශේහාන්ගේ නිවසට පැමිණියේය.

පසුව ශෙහාන්ට ඇතුළු ඔහුගේ පවුලේ අය වෙනුවෙන් නිවසක් ඉදි කර ගැනිම සඳහා මුදල් ආධාරයක් මෙන්ම ශෙහාන්ගේ නැගණියගේ අධ්‍යාපන කටයුතු  වෙනුවෙන් ශිෂ්‍යත්වයක් ලබාදිමට ද රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...

NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් වන්න” – NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක් ශ්‍රී ලංකාව කලාපීය වෙළෙඳ, කර්මාන්ත හා ආයෝජන...

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img