Sunday, October 25, 2026
HomeNEWSLatest Newsවියළි කාලගුණය - පානීය ජල සැපයුමට බාධා එල්ලවන ලකුණු

වියළි කාලගුණය – පානීය ජල සැපයුමට බාධා එල්ලවන ලකුණු

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පැය 24 පුරා අඛණ්ඩව ලබාදෙන ජල සැපයුම සීමා කිරීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

එමෙන්ම උස්බිම් ප්‍රදේශවලට ජලය සැපයීමේදී අඩුපීඩන තත්ත්වයක් ඇතිවිය හැකි බවද එම මණ්ඩලය ප්‍රකාශ කළේය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ගංඟා සියල්ලම පවතින්නේ අවම ජලමට්ටමක බවය.

මෙරට කෘෂිකර්මය, විදුලිබල උත්පාදනය හා පානීය ජල අවශ්‍යතා සඳහා භාවිත කෙරෙන වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති ප්‍රධාන ජලාශ ගණන 75 ක් වන අතර මධ්‍ය පරිමාණයේ ජලාශ ගණන 167කි.

පැවති වියළි කාලගුණික තත්ත්වයේ බලපෑම සහ යල කන්නය සඳහා ජලය මුදාහැරීමෙන් පසු අද වනවිට එම ජලාශ සියල්ලේම සමස්ථ ධාරිතාව 38% දක්වා පහත බැස ඇත.

එමෙන්ම ප්‍රධාන ගංඟා 4 ද ඇතුළුව ගංඟා 23හිම ජල මට්ටම අවම අගයක් ගෙන තිබෙන අතර ඒවායේ ජල මාපක අතරින් 75%කම ජලමට්ටම සටහන්ව තිබෙන්නේ මීටරයකටත් අඩු අගයකයි.

කැලණි ගඟේ නාගලගම්වීදිය ජලමාපකය අඩියකටත් වඩා අඩු වී තිබේ.

කෙසේවෙතත් ඊයේ පස්වරුවේ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි සමඟ තද සුළං තත්ත්වයක් බලපා තිබුණි.

සුළං තත්ත්වය හේතුවෙන් වවුනියාවේ ගනේෂපුරම් ප්‍රදේශයේ නිවාස 34 කට හා සමයපුරම් ප්‍රදේශයේ නිවාස 4 ක වහළවලට හානි සිදුවී ඇත.

බදුල්ල රිදිමාලියද්ද බුබුල හා කුරුවිතැන්න ප්‍රදේශවල නිවාස 20කටද තද සුළඟින් හානි සිදුව තිබේ.

ඊයේ (31) සවස බලපෑ සුළං තත්ත්වයක් හේතුවෙන් මොණරාගල බුත්තල වගුරුවෙල ප්‍රදේශයේ විහාරස්ථානයකට, වගුරුවෙල මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලකට මෙන්ම එම ප්‍රදේශයේ නිවාස 15 කට හා කෝන්කැටිය ප්‍රදේශයේ නිවාස 12කටත් හානි සිදුව ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ හෙට (02) දිනයේ ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැකි බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...

NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් වන්න” – NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක් ශ්‍රී ලංකාව කලාපීය වෙළෙඳ, කර්මාන්ත හා ආයෝජන...

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img