Saturday, May 2, 2026
HomeNEWSCOVID-19ගෙයින්ගෙට ගොස් මාළු අලෙවි කළ පවුලකටම කොවිඩ්

ගෙයින්ගෙට ගොස් මාළු අලෙවි කළ පවුලකටම කොවිඩ්

ගෙයින්ගෙට ගොස් මාළු අලෙවි කළ පවුලකටම කොවිඩ්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (06) රාත්‍රීයේ හඳුනාගත් අම්බලන්ගොඩ තිලකපුර ප්‍රදේශයේ මවක්, ඇයගේ දරුවන් තිදෙනා සහ ඇයගේ සහෝදරියක් රෝහල්ගත කිරීමට ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කර තිබේ.

අදාළ කාන්තාවගේ සැමියා ද මීට පෙර කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබුණි. 

ඔහු පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයෙන් මාළු ලබාගෙන තිබූ අතර ඒ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් දැනුවත් නොකර ප්‍රදේශයේ රැඳී සිට තිබුණි.

අම්බලන්ගොඩ ධීවර වරාය ආශ්‍රිතව සිදුකර තිබූ අහඹු PCR පරීක්ෂණ හරහා මෙම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු බවට පසුව හඳුනා ගෙන තිබේ.

ඉන් පසුව මෙම පුද්ගලයාගේ මාමණ්ඩිය ද කොවිඩ ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ. ඊට පෙර ඔහු විසින් තිලකපුර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලට කුඩා ප්‍රමාණයේ ලොරි රථයකින් සහ ත්‍රිරෝද රථයකින් ගොස් මාළු අලෙවි කර තිබුණි.

ඊයේ රාත්‍රියේ කොවිඩ් -19 ආසාදිත බවට හඳුනාගත් කාන්තාවද නිවාස වෙත ගොස් මාළු අලෙවි කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

ඒ අනුව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසන්නේ ඔවුන්ගෙන් මාළු මිලදී ගත් අය හැකි ඉක්මණින් සෞඛ්‍ය අංශ දැනුවත්කරන ලෙසය.

මේ වනවිට මෙම ප්‍රදේශය දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img