Monday, November 9, 2026
HomeNEWSචීන රෝහල් නෞකාව "Peace Ark" අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට.

චීන රෝහල් නෞකාව “Peace Ark” අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට.

චීන රෝහල් නෞකාව “Peace Ark” අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට.*චීන රජයේ Mission Harmony-2024 වැඩසටහනේ කොටසක් ලෙස කොළඹ වරායට ළඟාවී ඇති චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන “Peace Ark” නැරඹීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්වූවාය. “Peace Ark” නෞකාව දෙසැම්බර් 21 වන දින කොළඹ වරායට සේන්දු වූ අතර 2024 දෙසැම්බර් 22 සිට දෙසැම්බර් 27 දක්වා ශ්‍රී ලංකාවේ ජනතාවට නොමිලේ වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සේවා ලබා දෙනු ඇත. සිය සංචාරයේදී අග්‍රාමාත්‍යවරිය සාම නෞකාව ඇතුළත් වැඩසටහනේ මානුෂීය ප්‍රයත්නයන් ඇගයීමට ලක් කළ අතර, ශ්‍රී ලාංකීය ජනතාව වෙත මෙම සුහදත්වය ප්‍රකාශ කිරීම පිළිබඳව චීන රජයට ප්‍රසාදය පළ කළාය. ද්විපාර්ශ්වික සබඳතා පවත්වා ගැනීම සහ මහජන සෞඛ්‍යයට සහාය වීම සඳහා එවැනි ප්‍රයත්නයන්හි වැදගත්කම අග්‍රාමාත්‍යවරිය එහිදී අවධාරණය කළාය. ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා නෞකාවේ මෙහෙවරෙහි වැදගත්කම චීන තානාපතිවරයා අවධාරණය කළ අතර නෞකාවේ වෛද්‍ය කණ්ඩායම විසින් නෞකාවේ පවතින නවීන පහසුකම් සහ සේවාවන් පිළිබඳ පැහැදිළි කරන ලදී. ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, කොමදෝරු මේජර් ජනරාල් He Yongming, කොමදෝරු මේජර් ජනරාල් Ying Hongbo, Captain Deng Qiang සහ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img