මේ රටේ අගමැතිවරයා විහිලු කරමින්,අපහාස කරමින්,ඕපාදූප කියමින් යනවා.ජනතාවට උවමනා ඒ ඕපාදූප අහන්න නෙවේ.ජනතාවට උවමනා ඔවුන්ගේ ප්‍රශ්න වලට උත්තර.යැයි සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා බදුල්ලේ ජනහමුවේදී (22) පැවසීය.
ඒ මහතා මෙසේද කීවේය .
ජූනි මාසේ දෙන්න තියෙන සමෘද්ධිය තවමත් දීලා නෑ.හැබැයි මහලොකු තේජවන්ත ආණ්ඩුව.පහුගිය මාසේ සමෘද්ධි ලාභීන්ට දුන්න දීමනාවේ වාරික අය කරන්න පටන් අරන්.
ජනතාව කබලෙන් ලිපට වැටිලා.අගමැති තුනෙන් දෙක ඉල්ලනවා.අප්‍රේල් මැයි දුන්න පන්දාහෙන් දෙකෙන් එකක් ණයක් හැටියට ආපහු අයකරගන්න තීන්දු කරලා.ඔන්න ජනතාවාදී ආණ්ඩුව.දුන්බ සහනාධාරය ආපහු අයකර ගන්න ආණ්ඩුව,සමෘද්ධි සහනාධාරය නොදුන්බ ආණ්ඩුව ජනතාවාදීද?.
ජනතාව ආණ්ඩු බිහි කරන්නේ තමන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙයි කියලා හිතාගෙන. ජනතාව බලාපොරොත්තු වෙනවා, තමන් වැටිලා ඉන්න අන්ත අසරණ අඩියෙන් ආණ්ඩුව තමන්ව ගොඩ ගනී කියලා. නමුත් අද වෙනකොට මේ රටේ තියෙන ආණ්ඩුවට ජනතාව ගැන හැඟීමකුත් නෑ .ජනතා ප්‍රශ්න වලට උත්තරත් නෑ. ජනතා ප්‍රශ්න වලට උත්තර දෙන්න දන්නෙත් නැහැ. ඒ ප්‍රශ්න ගැන සංවේදී කමකුත් නැහැ. අගමැතිවරයා විහිලු කරමින්,ඕපාදූප කියමින් යනවා.
මේ රටේ සමෘද්ධිලාභීන්ගේ දීමනාව සීයට දෙසීයකින් වැඩි කළේ මම සමෘද්ධි ඇමති විදිහට ඉන්නකොට.ඒ පොරොන්දුව අපි ඉටු කළා.පොරොන්දු ඉටු කරන අපි පොරොන්දු කඩන්නේ නෑ.අන්න ඒ නිසයි අද අපි රුපියල් විසිදාහක් ලබා දීම ගැන කතා කරන්නේ.
අපි කියනවා මේ රටේ දුක් විඳින අන්ත අසරණ තැලෙන පෑගෙන පොඩි වෙන ජනතාවට ආර්ථිකය ගොඩ එනතුරු රුපියල් 20,000 දීමනාවක් දිය යුතුයි කියලා. කියනවා විතරක් නෙවෙයි ඒකාන්තම අපි ඒක කරනවා. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ඉහළ ආදායම් මාර්ග තියෙන අයට රුපියල් 20,000 යුතුයි කියන්නේ නැහැ.නමුත් මේ ජන සමාජයේ අන්ත අසරණ වෙච්ච පවුලකට රුපියල් 20,000 දිය යුතුයි.
කුඩා හා මධ්‍ය පරිමාණ ජනතාවට ස්වයං රැකියාවලට හා සාමාන්‍ය ජනතාවට සීයට හතරේ සහන පොලී ණය දෙනවා කිව්වා. ඒත් මේ ණය ගත්ත කෙනෙක් නෑ. ඔබලාගේ සහයෝගයෙන් මම අගමැති වුණාම මම හැම ප්‍රදේශයකටම ඇවිල්ලා මාගේ අතින්ම සීයට හතරේ පොලී ණය ලබා දෙනවා.
මේ ආණ්ඩුව ලොකුවට කතා කරන්නේ දේශහිතෛෂීකම ගැන. දේශප්‍රේමය ගැන. සදාචාරය සංස්කෘතිය ගැන. ආගම ගැන. හැබැයි සංස්කෘතික ඇමැතිවරයා කවුද? බුද්ධ ශාසන ඇමැති වරයා කවුද? අගමැතිවරයා කවුද? මේ තනතුරු තුනම දරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒ විතරක් නෙවෙයි, එතුමා තමයි මේ වතාවේ පොහොට්ටුවේ කුරුණෑගල නායකයා. එහෙම නායකයා ඉන්න කුරුණෑගල ඓතිහාසික පුරාවිද්‍යා බිමක් විනාශ කරලා දානවා මහ රෑ.
අපි බලයට පැමිණි විට ජනතාවට මුලින්ම සහන තුනක් දෙනවා. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වෙලා තියෙන මොහොතක, වත්මන් ආණ්ඩුව කැබිනට් තීන්දුවක් මගින් අවුරුද්දකට තෙල් මිල අඩු කරන්නේ නෑ. කියන විට අපි බලයට ආපු විගස පැය 24ක් ඇතුළත් තෙල් මිල අඩු කරනවා කියලා මම පොරොන්දු වෙනවා. ආර්ථික වශයෙන් අපහසුතාවට පත් වෙලා සිටින දුප්පත් පවුල් සඳහා ඔවුන්ගේ ආර්ථිකය යම් කිසි තැනකට පැමිණෙන තෙක් රුපියල් විසිදහස බැගින් ලබා දෙනවා. පොහොට්ටුවේ නායකත්වයේ හොර ඩීල් දාන පිරිසක් ඉන්නවා. මේ පිරිස විරුද්ධයි විසිදහස ලබා දෙනවාට.
සමගි ජනබලවේගය ජයග්‍රහණය කරවමු.ඒ ජයග්‍රහණය තුලින් ජනතාවාදී ආණ්ඩුව බිහිකරමු.






















