Thursday, August 6, 2026
HomeNEWSජනතා ගැටලු විපක්ෂයට ඉදිරිපත් කිරීමට පටන් ගෙන ඇති බව සජිත් කියයි

ජනතා ගැටලු විපක්ෂයට ඉදිරිපත් කිරීමට පටන් ගෙන ඇති බව සජිත් කියයි

*ජනාධිපතිකමයි 159ක බහුතරයක් තියෙන ආණ්ඩුවෙන් ජනතා ගැටලු විසදෙන්නේ නැති නිසා දැන් ජනතා ගැටලු ඉදිරිපත් කරන්නේ විපක්ෂ නායකවරයාට – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කලාවැව දී කියයි*76 වසරක ඉතිහාසයේ ක්‍රමයේ වෙනසක් සිදු කළත් දැන් විපක්ෂ නායකවරයාට ද ජනතා ගැටලු ඉදිරිපත් කරන බවත් දශ ලක්ෂ ගණනින් ඡන්ද දී පාර්ලිමේන්තුවේ 225න් 159ක බහුතරයක් වත්මන් රජයට ලබා දීලත් විපක්ෂ නායකවරයාට තම ගැටලු කියන තැනට රට පත්ව ඇති බවත් උත්තර, විසඳුම් අපේක්ෂාවෙන් වත්මන් රජයට විශාල බලයක් ලබා දුන්නත් ඔවුන්ගෙන් උත්තර විසඳුම් නොලැබෙන විට ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරට ජනතාවට බලයක් නොමැති විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න ඉදිරිපත් කරන බවත් මේ ගැටලු රජයට ඉදිරිපත් කර කෙසේ හෝ විසඳුම් ලබා දීමටත් විපක්ෂයේ මට්ටමින් ලබා දිය හැකි උපරිම විසඳුම හා උත්තර ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනයේ කටියාව ප්‍රදේශයේ පැවැති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සදහා එක්වෙමිනි.*වගාවට කෘෂිකර්මාන්තයට යොමු වූ ජනතාවක් කලාවැවේ සිටින බවත් ලංකාවේ පළමු ගොවි ජනපදය ආරම්භ වූ මේ භූමියේ සිටින ගොවියාට වත්මන් රජයෙන් ලැබෙන සහයෝගය ගැන සතුටුද කියා ප්‍රශ්න කරන බවත් අද වන විට ගොවියාට හිමි බීජ ටික, පොහොර ටික, තෙල් පොහොර ආදිය හරියට නොලැබෙන බවත් පොහොර සහනාධාරය ලැබෙන්නේ වගා කටයුතු අවසන් වූ පසුව බවත් පොහොරවල ගුණාත්මකභාවයේ ගැටලු ඇති මොහොතක වන අලි මිනිස් ගැටුම ද ඇති බවත් මේවාට එක පෑන් පහරින් විසඳුම් දෙනවා කිව්වත් මේ කිසිවක් නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.මෙවැනි ගැටලු මැද අලෙවි කරන්න ගිය පසු අස්වැන්නට සාධාරණ මුදලක් නොලැබෙන බවත් වත්මන් කෘෂිකර්ම ඇමතිවරයා පවසන ආකාරයට දේශීය බී ලූණු ගොවියා බී ලූණු වගා කරන විට බී ලූණු පිටරටින් ගෙන්වීම හොඳ බවත් දේශීයව වගා කිරීම පාරිභෝගිකයාට මිල වැඩි යැයි කියූ මේ අය ඡන්දය කාලේ කුඹුරට බැස ගොයම් කකා සහතික මිල පනතක් හරහා ස්ථාපිත කරනවා යැයි පැවසුවත් අද ඒ කිසිවක් නොවු බවත් තෙත් වී අද ගන්නේ රු. 90ත් 95ට බවත් අනෙකුත් වී ගන්නේ රු. 120ට බවත් දෙනවා කියූ රු. 150 සහතික මිල නොමැති බවත් මහලොකුවට ගබඩා අරින බව පැවසුවත් මේ එක ගබඩාවකින් වත් වී මිලදී නොගත් බවත් මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන විට විපක්ෂයේ කටවහන්න උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.තමා ගොවි ගැටලු ඉදිරිපත් කරන විට මයික්‍රෆෝන විසන්ධි කළාම ගොවි ගැටලු විසදෙන්නේ නැති බවත් පසු අස්වනු තාක්ෂණය ගැන කිසිදු දැනුමක් නොමැති බවත් ලෝකයේ රටවල් කෘෂිකර්මාන්තයෙන් දියුණු වන විට අප රටේ ලුම්පන් කල්ලි කෘෂිකර්මාන්තය අසාර්ථක යැයි පවසන බවත් කෘෂිකර්මාන්තය සාර්ථක කරන්න විපක්ෂයට කළ හැකි උපරිම මැදිහත්වීම සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.NEWS CLIP 🧧 https://youtu.be/H5nowQ2B7O4?si=-w0em1hUZ7M9MgEs

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාර්ලිමේන්තුවෙන් එළියේ ජනතාවගේ නව කඳවුරක් ගොඩනැගිය යුතුයි-පෙරටුගාමී සමාජවාදී පක්ෂය

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහල දීමට ආණ්ඩුව ගෙන එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මතය ප්‍රකාශ කරන මාධ්‍ය හමුවක් , අගෝස්තු 5...

ගුණාත්මක විද්‍යාවකට පදනම සැකසෙන්නේ කිසිදු භේදයකින් තොරව සේවය කිරීමට ඇති හැකියාව මතයි-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි

"ගුණාත්මක විද්‍යාවක් සඳහා පදනම සැකසෙන්නේ සමාජයේ සැමට කිසිදු භේදයකින් තොරව සේවය කිරීමට පවතින හැකියාව මතයි -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ගුණාත්මක විද්‍යාවක් සඳහා පදනම සැකසෙන්නේ සමාජයේ සැමට...

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අත්හිටුවන්න -එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සම්මත කළ යෝජනාව අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සහ එක් රැස් වී ඇති නඩු ප්‍රමාණය කාර්යක්ෂමව අවසන් කිරීමේ පරමාර්ථයෙන්...

ඊශ්‍රායල් රැකියා ගිවිසුම් අපේක්ෂයන් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් පෙනී සිටියි.

අසාධාරණයට ලක්වූ ඊශ්‍රායල් රැකියා ගිවිසුම් අපේක්ෂයන් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙනී සිටියි. තාරුණ්‍යයේ සිහිනය වන්නේ විදේශගත වී හොද රැකියාවක් සිදුකරලා හොද ආදායමක් ලබාගෙන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img