Wednesday, April 29, 2026
HomeNEWSLatest Newsජනපති මතභේදයට තුඩුදුන් නෙළුව - ලංකාගම මාර්ගය නැරඹීමට යයි

ජනපති මතභේදයට තුඩුදුන් නෙළුව – ලංකාගම මාර්ගය නැරඹීමට යයි

සිංහරාජ වන රක්ෂිතයට සහ පරිසර පද්ධතියට කිසිඳු හානියක් සිදු නොවන ලෙස නෙළුව – ලංකාගම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබේ.

මෙම මාර්ගය ඉදිකිරීමේදී සිංහරාජ වන රක්ෂිතයට හානි සිදුවන බව විද්‍යුත්, මුද්‍රිත මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල ප්‍රචාරය වීමත් සමඟ එහි ප්‍රතිසංස්කරණ කටයුතු නවත්වන ලෙස ජනාධිපතිවරයා නියෝග කළේය.

ඒ අනුව, ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරු සහ නිලධාරීන් අදාළ සිද්ධියේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව සොයාබැලීම සඳහා අද (29) නෙළුව, ලංකාගම ප්‍රදේශයේ සංචාරයක නිරතව තිබේ.

නෙළුව – ලංකාගම මාර්ගයේ ප්‍රතිසංස්කරණය දින 90කදී සිදු කිරීමට ජනාධිපතිවරයා නියෝග කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය කළ නිවේදනයේ සඳහන් වේ.

මෙහිදී සිංහරාජ වන රක්ෂිතය හා මාර්ගයේ ප්‍රතිසංස්කරණයට ලක්වන ග්‍රාමීය ප්‍රදේශවල පරිසර පද්ධතිය රැක ගනිමින් දිගු කලක සිට ප්‍රදේශයේ ජනතාවගේ දැඩි අවශ්‍යතාවක් වන මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img