රජයට වරම් ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මිස ගරු අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගන්න නොවේ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
රටේ ක්‍රමයේ වෙනසක් ඇති කර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න වරමක් ලබා ගත් ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය රට තුළ ඒකාධිපතීත්වය, ආඥාදායකත්වය, තනි පක්ෂ පාලනයක් ස්ථාපිත කිරීමට කළ හැකි සියලු ම ක්‍රියාදාමයන් එනම්, ව්‍යවස්ථ සංශෝධනයක් පවා ක්‍රියාත්මක කරන්න කටයුතු කරන බවත් ජනාධිපතිවරයා වරම ලැබුණේ ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට මිස විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් වෙනස් කර විධායකය අධිකරණයට බලපෑම් කර අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගැනීමට නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන අධිකරණය යන කුළුණ විනාශ කරමින් මේ වන විට අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙලසමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට
වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කටයුතු කිරීම නිර්ලජ්ජිත ක්‍රියාදාමයක් බවත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන කුළුණු 3 මත බවත් මෙහි බලය බෙදී යාම සහ සංවරණ හා තුළණ ඇති බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට හෝ අධිකරණ ඇමතිවරයාට නොතේරෙන්නේ නම් මොන්ටෙස්කු හි Sprit of law යන කොටස කියවා බලන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විධායකය ගරු අධිකරණයට අත පෙවීම නිස ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වන බවත් මේ වන විට ගරු අධිකරණයේ ස්වධීනත්වයට ජනතාව තුළ ගරු අධිකරණය ගැන ඇති විශ්වාසනීයත්වයට ගරු විනිසුරුවන්ගේ විශ්වාසනීයත්වයට හානිදායක වන ආකාරයට මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්න රජය කටයුතු කරමින් සිටින බවත් ලෝකයේ බොහෝ රටවල විවිධ අවස්ථාවල බලයේ සිටින දේශපාලන අධිකාරිය විසින් අධිකරණයට ව්‍යවස්ථාදායකයට ඇගිලි ගසන්න උත්සාහ කරන බවත් ආසන්නයේ සිදුවූ ඉන්දියාවේ සිදුවීම් අමතක නොකරන ලෙස වත්මන් රජයට කියා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
මෑත දිනක ඉන්දියාවේ රැකියා විරහිත තරුණ පරපුරට කැරපොත්තන් යැයි අපහාස කිරීම නිසා දශලක්ෂ ගණන් ඉන්දීය තරුණයන් ඉන්දියාවේ ප්‍රධාන නගරවලට යොමු වී රජයට බලපෑම් කර විභාග ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර එළියට ඒම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාට වගකීම හා වගවීම සිදුව සිය ධුරය අත්හරින්න සිදුවූ බවත් ඊට අමතර ව මේ වන විට ඉන්දීය රජය අධ්‍යාපනයේ සිදුවූ ප්‍රතිසංස්කරණ තරුණයන්ගේ බලපෑම මත සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජය ගරු අධිකරණයටත් ගරු විනිසුරුවන්ටත් අපහාස කරනවා
අප රටේ ගරු අධිකරණයේ ස්වාධිනත්වයට බලපෑම් එල්ල වන ව්‍යවස්ථා සංශෝධන අණපනත් රෙගුලාසි ආදී සියලු දේ තුළින් අධිකරණයේ ස්වාධිනත්වය කෙලෙසන ක්‍රියාදම තුළ වත්මන් රජය ගරු අධිකරණයට අපහාස කර ගරු විනිසුරුවන්ගේ කීර්තිනාමය විනාශ කිරීම සිදු කරන බවත් රටේ විධායකය අද රටේ අධිකරණය ආක්‍රමණය කරමින් යන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
මේ ඒකාධිපති වියරුවට එරෙහිව ජනතාව බලා සිටින්නේ නෑ
එබැවින් ඉන්දියාවේ තරුණ පරපුර කැරපොත්තන් ලෙස හදුන්වා දෙන විට ඔවුන් කටවහන් නොසිටි බවත් වගවීම හා වගකීම ක්‍රියාත්මක කරන්නට මහා ජන බලවේගයක් නිර්මාණය කළ බවත් මේ සංශෝධන හරහා අප රටේ ගරු අධිකරණයට සහ ගරු විනිසුරුවන්ට අපහාස කරන විට ඔවුන්ගේ විශ්වාසනීයත්වය ප්‍රතිරූපය විනාශ කර චරිතය කෙලෙසන්න කටයුතු කරන විට අප රටේ තරුණයන් ද කටවල් වහන් නොසිටින බවත් තරුණයන් සිවිල් සමාජ සහ ජනතාව විසින් මේ ඒකාධිපති වියරුවෙන් ක්‍රියාත්මක කරන්න හදන සංශෝධන ජන බලයෙන් පරාජය කරන්න සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ ඒකාධිපති වියරුව දැන්වත් නතර කළ යුතුයි
ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනවා කියා ගරු අධිකරණයේ ස්වාධීනත්වය බලගැන්වීමේ නාමයෙන් කාර්යක්ෂම යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියක් නිර්මාණය කිරීමේ නාමයෙන් ගෙනෙන්නට හදන ඒකාධිපති ක්‍රියාදාමය වහා නතර කරන ලෙසත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර සංවරන හා තුලන ශක්තිමත් කිරීමත් නිදහස් මාධ්‍ය හා සිවිල් ප්‍රජාව යන කුළුණු ද ශක්තිමත් කර රටේ නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කළ යුතු බවත් ගරු අධිකරණයේ ස්වාධිනත්වය ශක්තිමත් කර ප්‍රජාතන්ත්‍රවාදය පණටත් වඩා සුරක්ෂිත කළ යුතු බවත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ය සමාජ ගිවිසුම අමතක නොකර කටයුතු කළ යුතු බවත් මේ ක්‍රියාදාමය ඉටු කරන තුරු ජනතාව අපේක්ෂාවෙන් සිටින බවත් වගකිවයුතු විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ද ගරු අධිකරණය සුරක්ෂා කරන්න සූදානම් බවත් ඒ වෙනුවෙන් ඔ්නෑම කැපකිරීමක් වෙනුවෙන් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.






















