ජනාධිපති කාර්යාලයෙන් සිදුකෙරෙන මහජන සේවා අඛණ්ඩව
කොවිඩ් ව්යාප්තිය හමුවේ වුවද ජනාධිපති කාර්යාලයේ සිදුකෙරෙන මහජන සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය සඳහන් කළේ, කොවිඩ් පැතිරයාම පාලනයට පනවා ඇති සීමාවන් නිසා මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණීමට ඇති අපහසුවද සැලකිල්ලට ගනිමින් දුරකථන, තැපෑල සහ විද්යුත් තැපෑල ඔස්සේ ජනතා ඉල්ලීම් ඉදිරිපත් කිරීමට සහ ඉටුකිරීමට අවස්ථාව සළසා ඇති බවය.
ඒ අනුව, ජනාධිපති කාර්යාලය මහජන සම්බන්ධතා අංශය 0114-354550 සහ 0112-354550 යන දුරකථන අංක මගින් ඇමතිය හැකි අතර 0112-338073 යන දුරකථන අංකයෙන් ඔම්බුට්ස්මන් කාර්යාලය ඇමතිය හැකි වේ.
එමෙන්ම 0112-354354 යන දුරකථන අංකය ඔස්සේ ජනාධිපති අරමුදල ඇමතිය හැකිය.






















