Thursday, October 29, 2026
HomeNEWSLatest Newsරට ව්‍යාකූලවෙලා -සමගි ජන බලවේගය

රට ව්‍යාකූලවෙලා -සමගි ජන බලවේගය

රට ව්‍යාකූලවෙලා -සමගි ජන බලවේගය

කොරෝනා දෙවැනි රැල්ලෙන් රට ප්‍රපාතයට හෙළීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව සමගි ජන බලවේගය පවසයි.

එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, මේ මොහොත වන විටත් සමගි ජන බලවේගයට ඇඳවැටී ඇති අතර අතිශය අඳුරු තත්ත්වයක පෙර නිමිති මතුව ඇති බවය.

කොරෝනා සමාජ ව්‍යාප්තිය මිනුවන්ගොඩට බැරකර ආණ්ඩුව කර අරිමින් සිටින අතර අද එහි ආනිසන්ස දුර්භාග්‍ය සම්පන්න ලෙස රටම භුක්ති විඳිමින් සිටින බව රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

කොරෝනා දෙවැනි රැල්ල ආරම්භවීම පිළිබඳව අද වන තෙක් ආණ්ඩුව නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැති අතර එය තවදුරටත් ප්‍රසිද්ධ අභිරහසක් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

බරපතළ ව්‍යවසනයකට රට තල්ලුකර තිබිය දී ආණ්ඩුව කිසිදු වගකීමකින් තොරව හැසිරිම සමගි ජන බලවේගය පිළිකුලෙන් යුතුව හෙළාදකින බව රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව නාරාහේන්පිට ශ්‍රී අභයාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

“සෞඛ්‍ය බලධාරීන් සිතුවේ නැහැ, කල්පනා කරේ නෑ, දෙවැනි රැල්ලක් නැඟී එයි කියලා. අද දෙවැනි රැල්ල ගම්නියම් ගම් සිසාරා මහා බරපතළ තත්ත්වයකට අද ඇඳවැටිලා තියෙනවා කිව්වොත් මම හිතනවා කවුරුත් ඒක අවිවාදයෙන් පිළිගන්නවා. නමුත් කොරෝනා රැල්ල ජන සමාජයට ගොස් තැන් තැන්වල හොල්මන් කරන මූණක් සෞඛ්‍ය බලධාරීන්ගේ තිබෙන අවශ්‍යතාවයක් නොමැතිකම නිසා මේ රැල්ල සෑම තැනකම පැතිරිලා ගිහින් තියෙනවා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මේ පිළිබඳව කටයුතු කළ අධ්‍යක්ෂවරු කරපිංචා කොළයක් ගානට දාලා තියෙනවා. රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනය අද අරාජිකයි. වෛද්‍ය පර්යේෂණාගාර අකර්මණ‍්‍ය කරලා සෞඛ්‍ය අමාත්‍යාංශය මේක පෞද්ගලික ජාවාරම්කාරයින්ට දෙන්න යනවා ද කියන සැකය අපිට ඇති වෙලා තියෙනවා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයින් බිහිකිරීමට සැලසුම් සකස් කරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයන් බිහිකිරීම මෙන්ම නිරෝගී ජනතාවක් වෙනුවෙන් ක්‍රීඩාව ප්‍රවර්ධනයට සැලසුම් සකස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්...

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හෙට(30) වැඩ වර්ජනයක

ආචාර්ය සහ සම්පත් හිඟය, අධික වැඩ බර ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගෙන, හෙට (30) රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ එක්දින වැඩ වර්ජනයක්: විශ්ව විද්‍යාල ආචාර්ය...

උස්බෙකිස්තානය සහ ශ්‍රී ලංකාව දක්වා සෘජු ගුවන් සේවය අරඹයි

උස්බෙකිස්තානය සහ ශ්‍රී ලංකාව දක්වා සෘජු ගුවන් සේවය අරඹයි… උස්බෙකිස්තානය පදනම් කරගත් Centrum Air සමාගම, ඊයේ (28) දින ටෂ්කන්ට් සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ...

Mbappé නිසා Real Madrid පාපන්දු සංගමය චීන ජනතාවගෙන් සමාව අයදී

චීන ජනතාවගෙන් සමාව අයැද Real Madrid පාපන්දු සංගමයෙන් චීන මාධ්‍ය සමූහයට ලිපියක් Real Madrid පාපන්දු සංගමයේ ක්‍රීඩක Kylian Mbappéගේ නොසැලකිලිමත් ප්‍රකාශ සම්බන්ධයෙන් එම පාපන්දු සංගමය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img