ජපාන යුද නෞකා 02ක් කොළඹ වරායට සේන්දුවී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව නිවේදනය කළේ ඒවා ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් නෞකා බවය.
මුහුදු බෝම්බ ඉවත් කිරීමේ පළමු බලඝණයෙහි නෞකාවන් වන ‘URAGA’ නෞකාව ඊයේ (01) දින කොළඹ වරායට සේන්දුවී තිබූ අතර ‘HIRADO’ නෞකාව අද (02) දිනයේ පැමිණ තිබේ.
නිල සංචාරයක් සඳහා මෙම නෞකා කොළඹ වරායට සේන්දුවී ඇත.
‘URAGA’ යුද නෞකාව දිගින් මීටර 141ක් සහ නැව් මුළුව 130ක ගෙන් සමන්විතය.
‘HIRADO’ යුද නෞකාව දිගින් මීටර 67ක් සහ 55ක නැව් මුළුවකින් සමන්විත වෙයි.
මෙම නෞකා පසුගියදා කොළඹට නුදුරු මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවත් සමග ඒකාබද්ධ වෙමින් නාවික අභ්‍යාසවල නිරතවී තිබේ.
මේ අතර ඉන්දියානු නාවික හමුදාව සතු ඉහළතම කිමිදුම් සහාය නෞකාවක් වන INS ‘නිරීක්ෂක්’ නෞකාව ත්‍රිකුණාමලය වරාය වෙත පැමිණ තිබුණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව නිවේදනය කළේ පසුගිය 28 වනදා එම නෞකාව ත්‍රිකුණාමලය වරාය වෙත ළඟාවූ බවය.






















