සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල් 13ක් යෝජිත අධිභාර බද්දට යටත් නොවන බව නීතිපතිවරයා අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අධිභාර බදු පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම අද සලකා බැලීම සඳහා බුවනෙක අළුවිහාරේ, ඒ.එච්.එම්.ඩී නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.






















