Wednesday, August 26, 2026
HomeNEWSජාතික උරුමයන් ගැන දෙමළ මාධ්‍ය අධ්‍යාපනයටත් එක් කිරීමට සැලැස්මක්

ජාතික උරුමයන් ගැන දෙමළ මාධ්‍ය අධ්‍යාපනයටත් එක් කිරීමට සැලැස්මක්

බෞද්ධ හිමිකම් කොමිෂන් සභා වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදී තිබේ.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා විසින් අදාළ වාර්තාව අද (12) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා වෙත භාරදුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

2018 වසරේ ස්ථාපිත කළ මෙම කොමිෂන් සභාව වසර දෙකකට අධික කාලයක් සාක්ෂි විමසීමට ලක්කර මෙම වාර්තාව සකස්කර තිබේ.

මෙම අවස්ථාවට සහභාගී වු නව සිහල රාවය ජාතික සංවිධානයේ මහලේකම් පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරමින් සඳහන්කර ඇත්තේ මෙරට පුරාවිද්‍යාත්මක වටිනාකම් දෙමළ මාධ්‍ය අධ්‍යාපනයට ඇතුළත් කිරීම පිළිබඳ සොයාබලන ලෙසය.

ඊට ඒ මොහොතේම ප්‍රතිචාර දක්වා ඇති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතික උරුමයන් පිළිබඳ පරිච්ඡේදයන් දමිළ අධ්‍යාපනයට යොමුකිරීම සම්බන්ධයෙන් සොයාබලා දන්වන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් මියයයි

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් (80) පිළිකා රෝගයක් හේතුවෙන් මියයයි - විදෙස් මාධ්‍යය.

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති රණවිරුවන්ගේ සුබසාධනය සහ ගෞරවය සුරැකීම යුද්ධ හමුදාවේ අඛණ්ඩ වගකීමක් ලෙස සලකමින්, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත...

සෑම පෙත්සමකින්ම ඉල්ලා සිටින්නේ ජනමත විචාරණයක්- ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (25) පෙරවරුවේ කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඊයේ නීතිඥ සංගමයේ කාර්යාලය...

ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස අද නෑ – විපක්ෂ නායක

රජය උද්දච්ච ලෙස කටයුතු කරමින්, මැතිවරණ සමයේ ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස සම්පූර්ණයෙන්ම පසෙකලා පැවැති ක්‍රමය පවා පරිහානියට ලක්කර ඇති බව විපක්ෂ නායක සජිත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img