Wednesday, August 26, 2026
HomeNEWSමත්පැන් සහ දුම්වැටි භාවිත කරන්නන්ට කොවිඩ් එන්නත ලබාදීම මුදල් අපතේ යැවීමක් -...

මත්පැන් සහ දුම්වැටි භාවිත කරන්නන්ට කොවිඩ් එන්නත ලබාදීම මුදල් අපතේ යැවීමක් – වෛද්‍ය සමාධි රාජපක්ෂ

මත්පැන් සහ දුම්වැටි භාවිත කරන්නන්ට කොවිඩ් – 19 වැළැක්වීමේ එන්නත ලබාදීම මුදල් හා සම්පත් අපතේ යැවීමක් බව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා පවසයි.

දුම් පානයට ඇබ්බැහිවූවන්ගේ පෙනහලු අක්‍රියවීම සිදුවන බැවින් එය ඔවුන්ගේ ශ්වසන පද්ධතියට බලපෑම් කරන අතර කොවිඩ් -19 ද ශ්වසන පද්ධතියට බලපෑම් කරන රෝගී තත්වයක් බව පෙන්වා දෙයි.

මේ නිසා දුම් පානයට ඇබ්බැහිවූවන් කොවිඩ් – 19 රෝගයට ගොදුරුවීමේ ප්‍රවණතාවය ඉහළ මට්ටමක පවතින අතර ඔවුන් දැඩි සත්කාර ඒකක වෙත යොමුවීමේ සහ මරණයට ගොදුරුවීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බව සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මත්පැන් හා දුම්වැටි භාවිතය මගින් සිරුරේ ප්‍රතිශක්තිය අඩුකරන බැවින් එන්නත්කරණය තුළින් රටේ උද්ගතව ඇති වසංගත උවදුර මැඩපැවැත්වීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමට නොහැකිවනු ඇතැයි ඔහු සඳහන් කරයි.

එමෙන්ම මත්පැන් හා දුම්වැටි භාවිත නොකරන අයට මෙම එන්නත් ලබාදීම වඩාත් ප්‍රතිඵලදායක බව ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සභාපතිවරයා පෙන්වා දුන්නේ කොවිඩ් එන්නත ලබාගැනීමෙන් අනතුරුව අවම වශයෙන් මාස 6ක් ගතවන තෙක් මත්පැන් සහ දුම්වැටි භාවිතයෙන් වැළකී සිටිය යුතු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් මියයයි

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් (80) පිළිකා රෝගයක් හේතුවෙන් මියයයි - විදෙස් මාධ්‍යය.

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති රණවිරුවන්ගේ සුබසාධනය සහ ගෞරවය සුරැකීම යුද්ධ හමුදාවේ අඛණ්ඩ වගකීමක් ලෙස සලකමින්, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත...

සෑම පෙත්සමකින්ම ඉල්ලා සිටින්නේ ජනමත විචාරණයක්- ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (25) පෙරවරුවේ කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඊයේ නීතිඥ සංගමයේ කාර්යාලය...

ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස අද නෑ – විපක්ෂ නායක

රජය උද්දච්ච ලෙස කටයුතු කරමින්, මැතිවරණ සමයේ ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස සම්පූර්ණයෙන්ම පසෙකලා පැවැති ක්‍රමය පවා පරිහානියට ලක්කර ඇති බව විපක්ෂ නායක සජිත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img