Tuesday, November 10, 2026
HomeNEWSජීවිත දෙකක් බිලිගත් අනතුරු

ජීවිත දෙකක් බිලිගත් අනතුරු

වැලිගම පොලිස් වසමේ, දක්ෂිණ අධිවේග මාර්ගයේ දී සිදුවූ ටිපර් රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගාල්ල දෙස සිට බරවකුඹුක දෙසට ධාවනය වූ ටිපර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව දක්ෂිණ අධිවේග මාර්ගයේ දකුණු පස ආරක්ෂක වැටේ ගැටී පෙරළීගොස් ඊයේ (09) එම අනතුර සිදුව ඇත.

අදාළ අනතුරින් බරපතළ තුවාල ලැබූ ටිපර් රථ රියදුරු මාතර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, 45 හැවිරිදි අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ටිපර් රථ රියදුරුගේ අපරික්ෂාකාරි හා නොසැලකිමත් රිය ධාවනය හේතුවෙන් එම අනතුර සිදුව ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුරයි.

මේ අතර හලාවත පොලිස් වසමේ බංගදෙනිය ආණමඩුව මාර්ගයේ බංගදෙනිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 26 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ආණමඩුව දෙස සිට බංගදෙනිය දෙසය ධාවනය වූ ලොරි රථයක් විරුද්ධ දිශාවෙන් පැමිණි පාපැදියක ගැටී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

ලොරි රථ රියදුරගේ අපරික්ෂාකාර හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img