Wednesday, November 11, 2026
HomeNEWSඥානසාර හිමි පාර්ලිමේන්තුවට ?

ඥානසාර හිමි පාර්ලිමේන්තුවට ?

අපේ ජනබල පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන බලමණ්ඩලය රැස්වී ඉදිරියේදී සිය පක්ෂයේ මන්ත්‍රී ධූරය සඳහා නම් කරන්නේ කවුරුන්ද යන්න තීරණය කරන බව එම පක්ෂය පවසයි.

අද (16) පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ ජාතික සංවිධායක සුසන්ත කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නමද එහිදී සලකාබැලෙනු ඇති බවය.

“මේක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්. පක්ෂයට ලැබිච්ච මන්ත්‍රී ධූරයක්. අපි ඊළඟට නම් කරන කෙනා කවුද කියලා ඉදිරියේදී තීරණය කරනවා. මිනිස්සුන්ගේ ඡන්දය තමන්ගේ දේශපාලන ඩීල්වලට පාවිච්චි කරන මන්ත්‍රීවරයෙක් පක්ෂයකට වැඩක් නෑ. හැමදාම පාර්ලිමේන්තුවේ ඉන්නයි උන්වහන්සේට ඕනේ.    ඥානසාර හිමියන්ගේ නමත් තියෙනවා නේ. අපි උන්වහන්සේ නම් කරනවා කියලත් කිව්වා නේ. ඒක ගැන දේශපාලන බලමණ්ඩලය ඉදිරියේදී සුදුසු තීරණයක් ගනී.”

2020 වසරේ අගෝස්තු මස 05 වනදා පවැත් වු පාර්ලිමේන්තු මැතිවරණයෙදී අපේ ජනබල පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් හිමි වුණි.

කෙසේවෙතත් හිමිවූ එම මන්ත්‍රී අසුනට එම පක්ෂයෙන් නම් කිහිපයක් යොජනාවීමත් සමග අර්බුදයක්ද හටගත්තේය.

ඒ හේතුවෙන් මාස හතරක පමණ කාලයක් අපේ ජනබල පක්ෂට හිමිවු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට කිසිවෙකු නම් කෙරුනේ නැත.

අනතුරුව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගිය ජනවාරි මස 5වනදා  එම මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුනි.

කෙසේවෙතත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ අපේ ජනබල පක්ෂයේ සාමාජිකත්වය අහෝසිකර ඇති බව ඊයේ (15) මැතිවරණ කොමිසමට දැනුම් දී තිබුණි.

එම පක්ෂයේ ලේකම්වරයා විසින් එය දැනුම් දුන් බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img