Wednesday, November 11, 2026
HomeNEWSදක්ෂිණ අධිවේගයේ පැමිණි වාහන 120ක් හරවා යැවේ

දක්ෂිණ අධිවේගයේ පැමිණි වාහන 120ක් හරවා යැවේ

බස්නාහිර පළාතේ සිට දකුණු පළාතට ඇතුළුවීම සඳහා අධිවේග මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසල සිට දොඩම්ගොඩ දක්වා අද (16) කිලෝමීටර් ගණනාවක් දිගු වාහන පෝළිම් දක්නට ලැබුණි.

අද (16) දින සිට දින කිහිපයක දීර්ඝ නිවාඩුවක් එලඹෙන පසුබිමක මෙම වාහන පෝළිම් ඇතිවී තිබීම විශේෂත්වයකි.

ඒ කොවිඩ් පාලනය සඳහා පළාත් අතර තවදුරටත් සංචරණ සීමා ක්‍රියාත්මක වී තිබියදීය.

වැලිපැන්න පිවිසුමේදී අද පෙරවරුවේ සිට පස්වරුව දක්වා  එලෙස පැමිණි වාහන සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂාවන්වලදී නිසි අවසර පත්‍ර නොමැතිව බස්නාහිර පළාතේ සිට දකුණු පළාතට ඇතුළුවීමට පැමිණි වාහන 120ක් පමණ ආපසු හරවා යැවීමට කටයුතු කර තිබේ.

වැලිපැන්න අධිවේග රථවාහන පොලීසිය ඒ බව පැවසීය. 

එලෙස පැමිණි වාහන වැලිපැන්න පිවිසුමේදී දැඩි පරීක්ෂාවට ලක්කිරීම හේතුවෙන් වාහන රියදුරන්ට පැය ගණනාවක් දිගු පෝලිම්වල රැඳී සිටීමට ද සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img