කුඹක්කන් ඔය දෙපස සිදුවන පතල් කැනීම් සහ වැලි ජාවාරම අනාවරණ කළ ‘අද දෙරණ’ ප්‍රාදේශීය මාධ්‍යවේදී ඉඳුනිල් සිසිර මහතාට ජාවාරම්කරුවන්ගෙන් තර්ජන එල්ල වී තිබේ.
එලෙස තර්ජන එල්ලවී ඇත්තේ, මොනරාගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ පුත්‍රයා වන චලන්ක මදුවන්ත මහතා ඇතුළු තවත් පිරිසකගෙන් බව වාර්තා වෙයි.
ප්‍රදේශයේ සිදුවන පරිසර විනාශයන් පිළිබඳ අවස්ථා කිහිපයකදීම අනාවරණ කළ අප මාධ්‍යවේදියා මීට පෙර අවස්ථා කිහිපයකදීම ජාවාරම්කරුවන්ගේ තර්ජනයට ලක්වුණි.
ප්‍රදේශයේ ජනතාව වසර ගණනාවක සිටම කෘෂිකාර්මික කටයුතු මෙන්ම පානීය ජලය සපයා ගන්නේ කුඹුක්කන් ඔයෙන් ය.
නමුත් ඇතැම් දේශපාලන බලවතුන් සහ ඔවුන්ගේ හිතවතුන් විසින් මෙම කුඹුක්කන් ඔය විනාශ කිරීම කලක සිට පවත්වාගෙන එන ජාවාරමකි.
ඔය දෙපස සිදුවන පතල් කැනීම් හා වැලි ජාවාරම් පරිසර විනාශයට තුඩු දී ඇත්තේ, ජනතාවගේ ජන ජීවිතයට ද බාධා එල්ල කරමිනි.
මෙම පරිසර විනාශය සම්බන්ධයෙන් අප ඊයේත් (15) ‘අද දෙරණ’ දහවල් ප්රවෘත්ති ඔස්සේ අනාවරණය සිදුකළේය.
මීට පෙර සිදුවූ ආකාරයටම ප්‍රවෘත්තිය විකාශය වී පැය කිහිපයක් ගතවීමටත් පෙර අප ප්‍රාදේශීය මාධ්‍යවේදී ඉඳුනිල් සිසිර මහතා ජාවාරම්කරුන්ගේ තර්ජනයට ලක්වී තිබුණි.
මොනරාගල නගරය ආසන්නයේ ඇති හෝටලයකට යන අප මාධ්‍යවේදියාගෙන් ප්‍රශ්න කිරීමට බව පවසමින් ඔහුව කිසියම් පිරිසක් ඇදගෙන යෑමට උත්සාහ ගන්නා ආකාරය CCTV කැමරාවක සටහන් වී තිබුණි.
ඒ අනුව කුඹුක්කන් ඔයේ වැලි ජාවාරම සහ පතල් කැනීම් පිළිබඳ අනාවරණ නොකරන ලෙසට බලපෑම් කළ බව මාධ්‍යවේදී ඉඳුනිල් සිසිර මහතා මොනරාගල පොලීසියට පැමිණිල්ලක් කර ඇත.
මොනරාගල පොලීසිය පවසන්නේ, මාධ්‍යවේදියාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවය.
අප මාධ්‍යවේදියාට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන පරීක්ෂණ කෙරෙහි “අද දෙරණ” දැඩි අවධානයෙන් පසුවෙයි.






















