Friday, April 17, 2026
HomeNEWSට්‍රම්ප්ට කොවිඩ්

ට්‍රම්ප්ට කොවිඩ්

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

මේ අතර, ඔහුගේ බිරිඳ, මෙලනියා ට්‍රම්ප්ට ද කෙරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ, ජනාධිපති ට්‍රම්ප්ගේ සමීපතම කාර්ය මණ්ඩල සාමාජිකාවක් වන “හෝප් හික්ස්” කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණයෙන් අනතුරව ඔවුන් දෙදෙනාට ද වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, තමා සහ බිරිඳ අවශ්‍ය ප්‍රතිකාර සඳහා මේ වන විට යොමු වී ඇති බවය.

කොරෝනා වෛරස ආසාදිත බව තහවුරු වී ඇති 31 හැවිරිදි හෝප් හික්ස්, මෙතෙක් වෛරස ආසාදිත බවට තහවුරු වූ ජනාධිපතිවරයාට වඩාත් සමීපතම කාර්ය මණ්ඩල සාමාජිකාව වේ.
 
මීට දින කිහිපයක පෙරදී පැවති ටෙලිවිෂන් වාදයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා ඔහායෝ දක්වා ගමන් කරන විට “Air Force One” ගුවන්යානයේ ඇය ද ගමන් කර තිබේ.

ඇය මුඛ ආවරණයක් රහිතව ගුවන්යානයෙන් බසින ආකාරය දැක්වෙන ජායාරූපයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...

බලශක්ති ඇමති කුමාර සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙති

බලශක්ති ඇමති කුමාර සහ අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙති ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා...

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img