Monday, November 23, 2026
HomeNEWSඩී.එස්. ආදී සිසුන්ගෙන් තවත් ආදර්ශමත් කර්තව්‍යයක්

ඩී.එස්. ආදී සිසුන්ගෙන් තවත් ආදර්ශමත් කර්තව්‍යයක්

*සේනානායකීය ආදි ශිෂ්‍ය හදවත් එකමුතුවෙන් මල්පල ගැන්වෙන ගුරු සිසු නොනිමි සබැදියාව* 1967 පෙබරවාරි මස 10 වන දින අයි.එම්.ආර්.ඒ. රීරියගොල්ල මහතාගේ සහ ආර්.අයි.ටී අලස් ගුරු පියාණන්ගේ මූලිකත්වයෙන් ඇරඹි කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලය ඉතා කෙටි කාලයක් තුළ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්දිස්ථානයක් සලකුණු කිරීමට සමත්විය. ආරම්භයේ සිටම බහු ජාතික පාසලක් වශයෙන් ඇරැඹි සේනානායකය එයටම අනන්‍ය වූ උප සංස්කෘතියක් හිමි කරගැනීමට සමත්විය. විද්‍යාලයීය ආදි කර්තෘවරනායන් වන අලස් ගුරු පියාණන් අර්ථ දැක්වූ පරිදි සේනානායක විද්‍යාල මාතාව ඔසවා සිටින ඒ සිව්මහා ස්තම්භ අතුරින් විදුහල්පති ප්‍රමුඛ ගුරු මණ්ඩලයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. විශේෂයෙන්ම ආදි ගුරු මණ්ඩලයේ අපගේ ඒ ආදරණීය ගුරු මෑණිවරුන් මෙන්ම ගුරු පියවරුන්ගේ සුවතාවය උදෙසා ආදිශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන වෛද්‍ය සායනය සිසුන් හා ගුරුවරයා අතර පවතින ඒ නොනිමි සබඳතාවය මල්පල ගන්වන්නකි. 20 වසරක අභිමානවත් ඉතිහාසයකට උරුමකම්කියන්නාවූ මේ උතුම් කර්තව්‍ය 2006 වසරේ පෙබරවාරි මස 18 වන දින ඩී.එස්.මාතාවගේ 88 කණ්ඩායමේ අපේම ආදිශිෂ්‍යයන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වුණි. ආරම්භයේදී සුලු කර්තව්‍යයක් වශයෙන් ඇරඹි මෙම ව්‍යාපෘතිය වත්මන වන විට සිවිශාල වූ කාර්‍යයක් බවට පත්වී තිබේ. මුල් කාලයේදී ඖෂධ ආදිය සපයා ගැනීමට මූල්‍යමය සම්පාදන සොයාගැනීම තරමක් අසීරු වුවද සෙන්පති පුතුන්ගේ පවතින ඒ ශක්තිමත් බැදීම,එකමුතුව ඒ සියලු බාධක බිද දැමීමට සමත්විය. අප විද්‍යාලයෙන් ඉගෙනුම ලැබ පසකාලීනව වෛද්‍ය වෘත්තියට පිවිසි ආදිශිෂ්‍ය ගණනාවක් මේ සදහා දායකත්වය ලබාදීමට පසුබට නොවිණි.අදියරෙන් අදියර ගොඩනැගුනු මේ වෛද්‍ය සායන ක්‍රියාන්විතය මේ වනවිට ඉතා ඉහළ මට්ටමක පවතී. විශේෂයෙන්ම සායනයට සහභාගි විය නොහැකි තරමින් අසාධ්‍ය ගුරු මාපිය වරුන්ට නිවැසටම ඖෂධ ගෙනැවිත් දීමට තරම් අප විද්‍යාලයීය ආදිශිෂ්‍ය කණ්ඩායම මානුෂිය විය.වියපත්ව හුදෙකලාව තම දිවියේ සැදෑ සමය ගත කරන ඒ ආදරණීය ගුරුවරුන්ට වෛද්‍ය තුෂාර ගුණතිලකයන් ඇතුලු ඒ 88 කණ්ඩායම වචයයේ පරිසමාප්ත අර්ථයෙන්ම මානුෂීය විය.D.S.සේනානායක විද්‍යාලීය 88 කණ්ඩායම විසින් විශ්‍රාමික ගුරුදෙමවුපියන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය උදෙසා වසර 20ක් පුරා මාසිකව පවත්වාගෙන යන වෛද්‍ය සායනයට වසර 20ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් විශේෂ සමරු උත්සවයක් 2026 මාර්තු 24 වන දින පෙ.ව. 8.30 ට පාසලේ R.I.T. අලස් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.මෙම අවස්ථාව සමරමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් විශේෂ සමරු මුද්දරයක්, සමරු කවරයක් හා සමරු කාසියක් නිකුත් කිරීමද සිදුවිය..උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස මහාචාර්ය ආලෝක පතිරණ මහතා සහ මහාචාර්ය අජිත් මලලසේකර මහතා සහභාගී වුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බව අවධාරණයෙන් ප්‍රකාශ කරනවා-ෂිරාස් යුනුස්

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට මොහොමඩ් ෆසල් නමැති පුද්ගලයෙකු සිදු කළ ප්‍රකාශය තරයේ හෙළා දකින බව නව ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරයි. එහි...

ජනපති සහ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමක්ද හුවමාරු කර ගැනේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත තායිලන්ත...

බටහිර රතු මුහුදු වෙරළ තීරයේ පිහිටි රබිග් තෙල් පිරිපහදුවට හූති කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක්

සෞදියේ බටහිර රතු මුහුදු වෙරළ තීරයේ පිහිටි රබිග් තෙල් පිරිපහදුවට හූති කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක්.

බහරේනයේ පිහිටි අමෙරිකානු ගුවන් ආරක්ෂක රේඩාර් පද්ධති වෙත ඉරානයෙන් ප්‍රහාර

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළ අහසේදී ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බවත්, බහරේනයේ පිහිටි අමෙරිකානු ගුවන් ආරක්ෂක රේඩාර් පද්ධති වෙත ප්‍රහාර එල්ල කළ බවත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img