වරායේ සිර වී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහාලුම් 30% ක පමණ ප්‍රමාණයක් නිදහස් කරගෙන ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
බැංකු මගින් ඩොලර් නිකුත් කිරීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීම හේතුවෙන් වරායේ සිර වී ඇති බහාලුම් නිදහස් කර ගැනීමේ කටයුතු ප්‍රමාද වී ඇති බව එම සංගමය පෙන්වාදෙයි.
වරායේ සිර වී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන බවට පසුගියදා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ප්‍රකාශ කර තිබුණ ද මෙතෙක් අදාළ ප්‍රතිපාදන හිමිව නොමැති බව සඳහන් වේ.
මේ හේතුවෙන් බැංකු මගින් ඩොලර් නිකුත් කරනු ලබන ක්‍රමවේදය අනුව බහාලුම් නිදහස් කිරීමේ කටයුතු සිදු කෙරෙන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එහිදී බහාලුම් නිදහස් කිරීමේ ප්‍රමාදයත් සමඟ තවදුරටත් මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ සහිත බහාලුම් වරාය තුළ සිර වීම ද ඉහළ යන බව එම සංගමය පෙන්වාදෙයි.
ඒ අනුව එකවර බැංකු මගින් ඩොලර් නිකුත් කරනු ලබන්නේ නම් බහාලුම් වරායෙන් ඉක්මණින් නිදහස් කළ හැකි අතර ලබන ජනවාරි මාසය වන විට අදාළ ප්‍රතිපාදන ලබාදීමට මහ බැංකුව කටයුතු කරනු ඇති බවට අපේක්ෂා කරන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවෙන් සිදුකළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු පැවසුවේ වරායේ සිර වී ඇති ආහාර ද්‍රව්‍ය සහිත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඔවුන් වෙත වගකීමක් පැවරී නොමැති බවය.
ආනයනකරුවන් හා බැංකු හරහා සිදුකරන ගණුදෙණුවලින් අනතුරුව බහාලුම් නිදහස් කර ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය ලේඛන රේගුව වෙත ලැබීමෙන් පසුව බහාලුම් නිදහස් කිරීම පමණක් රේගුව මගින් සිදු කෙරෙන බව ඔවුන් සඳහන් කළේය.






















