ණය මත පදනම් වූ ආර්ථිකයකින් පමණක් රටක් දිගුකාලීන වශයෙන් ඉදිරියට යා නොහැකි බව වරාය හා ගුවන් සේවා සහ බලශක්ති ඇමැති අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී අද (17) ප්‍රකාශ කළේය.
2027 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඒ් මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ අනුර කරුණාතිලක මහතා,
“2027 වසරට අදාළව රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීම මේ වනවිටත් ලබාදී අවසන්. වැටුප් කොමිසමේ සමාලෝචනය මේ වනවිට සිදුවෙනවා. එහි වාර්තාව පැමිණි පසුව ඉදිරියේ දී කටයුතු කරනවා. 50000 දීමනාව ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලැබෙනවා. අයවැයක් කියන්නේ වසරද ආදායම් වියදම් ලේඛනයක් පමණක් නොව රජයේ ජාතික ප්‍රතිපත්ති ප්රකාශනයක් වෙනවා. නිෂ්දාපන, ආර්ථිකය ආදිය සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. අපි මුහුණදුන් ආර්ථික අර්බුදය අමතක කරන්න බැහැ. මේ තුළ අපේ රටේ ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් ඇති වුණා. ණය මත පදනම් වූ ආර්ථිකයකින් පමණක් රටක් දිගුකාලීනව ඉදිරියට යන්න බැහැ. අපේ රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම අපේ ප්‍රමුඛතම කාර්යය වුණා. වියදම් පාලනය, ණය කළමනාකරණය අවශ්‍ය වුණා. අපනයන ආදායම් හා ආයෝජන ඉහළ නැංවීම අවශ්‍ය වුණා.
මේ අයවැයෙන් ඒ් පිළිබඳව අවධානය යොමුකර තිබෙනවා. ස්ථාවරත්වයෙන් ඉදිරියට යන අයවැයක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්. ණයබර අඩු කිරීම සඳහා ආර්ථීක සංකෝචනය පමණක් ප්‍රමාණවත් නැහැ. ණය ගෙවීමේ හැකියාව වැඩි කිරීමට ජාතික නිෂ්පාදනය සහ ධාරිතාවය ඉහළ නැංවිය යුතු වෙනවා. 2022 වසරේ දී රාජ්‍ය ආදායම සියයට 79 ක් පොලිය ගෙවන්න යොදාගෙන තිබෙනවා. නමුත් එය සියයට 45 දක්වා 2025 වසරේ දී අවමකර තිබෙනවා. මූල්‍ය විනයකින් තොරව කටයුතු කරන්නේ නම් සැබෑ ආර්ථික ස්ථාවරත්වයක් හදාගන්න බැහැ. අයවැය විශ්ලේෂනය කරමින් සංශෝධන සඳහා ධනාත්මක දායකත්වයක් ලබාදීම විපක්ෂයේ වගකීම වෙනවා. විශ්ලේෂණාත්මක හැකියාව සහ ධනාත්මක විවේචන විපක්ෂයට නැහැ. විපක්ෂයේ ශක්තිය මනින්නේ විවේචන ඒල්ල කිරීම මත නොවෙයි. ආණ්ඩුවේ කටයුතු සඳහා සාධාරණ ආකාරයෙන් ලබාදෙන දායකත්වය මතයි.
නමුත් මෙරට විපක්ෂය සාධණීය විපක්ෂයක් ලෙස කටයුතු කරන්නේ නැහැ. මූල්‍ය විනය සහ ආර්ථික වර්ධනයට නිසි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක් තුළින් අවකාශය නිර්මාණය කරගන්න පුළුවන්. අපි රටේ නිෂ්පාදනය වැඩිකරන ආයෝජන සඳහා අවස්ථාව ලබාදිය යුතු වෙනවා. නව තාක්ෂණය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරමින් වැදගත් යෝජනා රැසක් මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්න කටයුතු කර තිබෙනවා. කෘෂිකර්මයේ ඵලදායිතාව වැඩි කිරීම, නව තාක්ෂණය හදුන්වා දීම, ශීතකරන හදුන්වාදීම ආදිය කෙරෙහි ද අවධානය යොමුකර තිබෙනවා. විදුලිබල පද්ධතියේ ගුණාත්මක බව වැඩි කරන්න අවශ්‍ය සාධණීය යෝජනා තිබෙනවා. අපේ රටේ ආර්ථික වර්ධනයට ඉන්ධන සැපයුම මෙන්ම ස්ථාවර වෙළෙඳපොල ඉතා වැදගත්. ජාතික ඉන්ධන ධාරිතාවය ක්‍රමානුකූලව ඉහළ නැංවීම අවශ්‍ය වෙනවා.
සමාජ ආරක්ෂණය වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකර තිබෙනවා. ජනතාව සිදුකරන කැපකිරීම්වල ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට ප්රතිලාභ ලබාදිය යුතු වෙනවා. ඒ් වෙනුවෙන් සමාජ ආරක්ෂණය ක්‍රියාත්මක වියයුතු වෙනවා. 2027 වනවිට සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ යනවා. රියදුරන්ගේ, පරිපාලන නිලධාරීන්ගේ ඇතුළුව සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප අවම වශයෙන් සියයට 65 – 70 ක වැටුප් වැඩිවීමක් සිදුවෙනවා. ඇතැම් සාධාරණ ඉල්ලීම් තිබෙනවා. ඒ් ගැන සිතන්න වෙනවා. රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් අත් හරින්න එපා. අයකරන බදු සම්බන්ධයෙන් සාධාරණ කාලයක් ලබාදිය යුතු වෙනවා. රුපියල් 162,500 කට අඩුවෙන් වැටුප් ලබන අයෙක් බදු ගෙවිය යුතු නැහැ. වත්මන් ආණ්ඩුව බලයට පත්වූ දිනයේ සිට බදුබර අවම කරන්න කටයුතු කර තිබෙනවා.” පැවසීය.






















