ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකරන ගණුදෙනු සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් අවධානය යොමුකර නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී අද (17) ප්‍රකාශ කළේය.
2027 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඒ් මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ දයාසිරි ජයසේකර මහතා,
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකරන ගණුදෙනුව සම්බන්ධයෙන් අවධානය යොමු නොකර මෙවර අයවැය සකස්කර තිබෙනවා. ඉන්දියාව වර්ෂය අවසන් වනවිට සැලසුම් සියයට 98 ක් අවසන් කර තිබුණා. නමුත් අපේ රටේ එවැන්නක් නැහැ. සැප්තැම්බර් වනවිට සියයට 30 ක් පමණයි මුදල් වැයකර තිබෙන්නේ. 2027 වසරට තවත් රුපියල් බිලියන 2,000 ක් වෙන්කර තිබෙනවා. මේකට අවශ්‍ය නිලධාරීන් නැහැ. ලංකාවේ ඇතැම් නිලධාරීන්ගේ පුරප්පාඩු තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා නිලධාරීන් 75,000 ක් බඳවා ගන්නා බවට ආණ්ඩුව ප්‍රකාශකර තිබෙනවා. නමුත් බඳවාගෙන තිබෙන්නේ කීයද.
පොලිසියට අවධානම් දීමනාවක් දෙනවා කිවුවා. එය නොදී සුළු මුදලක් එකතු කර තිබෙනවා. පොලිස් දිනයේ දී ප්‍රකාශකළ අවදානම් දීමනාව ලබාදිය යුතු වෙනවා. දැන් පොලිසියට ඒ් සඳහා කටයුතු කළයුතු වෙනවා. වෘත්තිය විධායක දීමනාව රුපියල් 50,000 දක්වා ඉහළ නැංවිය යුතු වෙනවා. සමස්ත රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් අවධානය යොමු නොකර තමන්ට අවශ්‍ය විදියට හැන්දෙන් බෙදාගෙන තිබෙනවා. පොඩි මිනිස්සුන්ට උදව් කරනවා කිවුවට සූර්ය පැනල විනාශයට යන තත්ත්වයට පත්ව තිබෙනවා. සූර්ය පැනල්වලට සියයට 18 ක බද්දක් අය කරනවා. කුඩා ව්‍යාපාරිකයන්ගෙන් විශාල ලෙස බදු අයකරනවා.
පුනර්ජනනීය බලශක්ති උත්පාදනයේ සිටින මිනිස්සු අද පාරට වැටී තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළයුතු වෙනවා. අද බුද්ධ ශාසනයට විශාල ලෙස තර්ජන එල්ල වී තිබෙනවා. අපි සිංහල බෞද්ධයන් ලෙස ජීවත් වන්නේ කෙසේද. මේ තුළින් අපේ රටේ ආගම හා සංස්කෘතිය විනාශ වෙනවා. කන්ටේනර් 323 ගැන මාස තුනෙන් වාර්තාවක් දෙන්න ඔ්න තැන තවත් මාස තුනක් ලබාගෙන තිබෙනවා. අපිට ඒ් සඳහා කතා කරන්න ඉඩ දුන්නේ නැහැ. අද ගෑස් අර්බුදය විශාල අර්බුදයක් බවට පත්ව තිබෙනවා. දැන් ගෑස් මිල වැඩි කලත් ගන්න ගෑස් නැහැ” පැවසීය.






















