Friday, October 30, 2026
HomeNEWSතමාව අපයෝජනය කළ දෙදෙනෙක්ව දැරිය අධිකරණයේදී හඳුනාගනී

තමාව අපයෝජනය කළ දෙදෙනෙක්ව දැරිය අධිකරණයේදී හඳුනාගනී

අන්තර්ජාලය ඔස්සේ මිලදීගත් බාලවයස්කාර දැරියක් දූෂණය කළේ යැයි චෝදනා එල්ලවී ඇති සැකකරුවන් දෙදෙනෙකුව අද (15) පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවේදී වින්දිත දැරිය විසින් හඳුනාගෙන තිබේ.

දැනට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පෞද්ගලික නැව් සමාගමක කපිතාන්වරයා සහ සහකාර කපිතාන්වරයාව එලෙස හඳුනාගෙන ඇත. 

එම හඳුනාගැනීමේ පෙරට්ටුව අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ පැවැත්වුණි.

එහිදී, අතවරයට පත් දැරිය විසින් අදාළ සැකකරුවන් දෙදෙනා ඉතාම පහසුවෙන් හඳුනා ගත් බව මහෙස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළාය.

ඉන් අනතුරුව මෙම සැකකරුවන්ට අදාළ විමර්ශන කටයුතු අවසන් වී ඇති හෙයින් එම සැකකරුවන් දෙදෙනා ඇපමත මුදා හරින ලෙස ඔවුන්ගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව එක් එක් සැකකරු රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප මත මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය සෑම ඉරු දිනකම පෙරවරුවේ කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයට වාර්තා කළ යුතු බවට නියෝග කර තිබේ.

සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් එසේ බලපෑම් කරන බවට පැමිණිලි ඉදිරිපත් වුවවොත් ඇප අවලංගු කොට නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවද මෙහිදී මහෙස්ත්‍රාත්වරිය විසින් සැකරුවන්ට අවවාද කර ඇත.

අනතුරුව පැමිණිල්ල ලබන 19 දා කැඳවීමට ද නියම කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කිසිම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුවත් කාශ්මීරය ගැන කතා නොකිරීම කණගාටුයි- ශිරාස් යුනුස්

වර්තමාන ආණ්ඩුව සහ විරුද්ධ පක්‍ෂය කාශ්මීරය ගැන කතා නොකිරීම ඉතාම කණගාටුවට කරුණක් බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුණුස් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්ව⁣ා...

බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ

රුපියල් බිලියන 2.8 ක දේශීය අරමුදල් යොදාගනිමින් බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ.....! කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන...

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එනවා – විපක්ෂ නායක සජිත්

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට...

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයින් බිහිකිරීමට සැලසුම් සකස් කරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයන් බිහිකිරීම මෙන්ම නිරෝගී ජනතාවක් වෙනුවෙන් ක්‍රීඩාව ප්‍රවර්ධනයට සැලසුම් සකස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img